Loading...
Credit සහ Debit card මඟින් අන්තර්ජාලය ඔස්සේ විදේශයන්ට සිදු කරන ගෙවීම් සඳහා සීමා පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි

මේ වෙන විට සමාජ මාධ්‍ය සියල්ලගේම පාහේ ශ්‍රී ලංකාවේ බැංකු මගින් නිකුත් කරන ලද Credit හෝ Debit Card පත් මගින් විදේශීය ගෙවිම් සදහා භාවිත කිරිමට තිබු හැකියාව සිමා කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව  මේ වෙන විට ශ්‍රී ලංකාවේ බැංකු මගින් නිකුත් කරන ලද Credit හෝ Debit Card පත් මගින් විදේශීය ගෙවිම් සිදු කළ හැක්කේ රු. 50,000.00ක උපරිමයකට යටත්ව බවත් වාර්තා වෙමින් පවතිනවා.

එමෙන්ම මේ පිළිබඳව වාර්තා වෙන නිල තොරතුරුවලට අනුව විදේශිය ගණුදෙනු සදහා භාවිත කරන ශ්‍රී ලංකාවේ බැංකු මගින් නිකුත් කරන ලද Credit හෝ Debit Card පත්වලින් අය කරනු ලබන අතිරේක ගාස්තු ඉහළ දමා ඇති බව දේශිය බැංකු විසින් මේ වෙන විට තම පාරිභෝගිකයින් දැනුම්වත් කරමින් සිටිනවා. ඒ අනුව මීට පෙර 2.5% ලෙසින් පැවතුන මේ අතිරේක ගාස්තුව 7% ක් දක්වා ඉහළ දැමිමට තිරණය කර තිබෙනවා. මෙලෙස අතිරේක ගාස්තු ඉහළ දැමිමට හේතු වි තිබෙන්නේ මේ වෙන විට පවතින ආර්ථික අර්බුදයත් සමග දේශීය ඩොලර් සංවිත විදේශිය රටවලට යාම වැළැක්වීම අරමුණු කර බවත් වාර්තා වෙනවා.

අද (19) දින මේ සම්බන්ධනේ පැවති මාධ්‍ය හමුවකදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි T.M.J.Y.P ප්‍රනාන්දු මහත්මිය විසින් අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන වාණිජ බැංකු මගින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන Credit Card පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව Credit Card පත් භාවිත කල හැකි වන්නේ පෞද්ගලික අවශ්‍යතා සදහා පමණක් වෙන අතර ව්‍යාපාරික කටයුතු සදහා භාණ්ඩ ලබා ගැනිමට භාවිතා කල නොහැකි බවත් එම මහත්මිය විසින් සදහන් කර සිටියා. ඒ වගේම එම කාඩ්පත් මගින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හෝ සේවා මිලදි ගැනිම් වැනි සාමාන්‍ය ගෙවිම් සදහා මේ වෙන තුරැත් කිසිදු සීමාවක් පණවා නොමැති බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ වෙතත් Credit කාඩ්පත් මගින් සිදු කරන විදේශීය ගෙවිම් සදහා යම් යම් සීමා පණවා ඇති අතර එම සීමාවන් ඉක්මවා යන ගෙවීම්වලදි යම් යම් ගැටලු ඇතිවිය හැකි බවත් එම මහත්මිය විසින් ප්‍රකාශ කර සිටියා.

Source : Ada Derana Biz