අත්‍යවශ්‍ය නොවන / හදිසි නොවන තෝරාගත් භාණ්ඩ රාශියක් ආනයනය සදහා දැඩි සීමා පැනවීමට මුදල් මණ්ඩලය මගින් තිරණය කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වෙන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන / හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට මහ බැංකු මුදල් මණ්ඩලය ඊයේ දින ( සැප්තැම්බර් 08 ) පැවැති රැස්විමේදී තිරණය කර තිබෙනවා.
මේ මගින් ජංගම හා ස්ථාවර දුරකථන වැනි විදුලි සංදේශ උපකරණය, ගෘහ උපකරණ, රෙදිපිළි හා පළතුරැ වැනි භාණ්ඩ 623ක ආනයනයට සීමා පැණවිම සිදු වෙනවා.

එසේම මේ නව සිමා යටතේ අත්‍යවශ්‍ය නොවන / හදිසි නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණය පහසුකම් ලබාදීමෙන්ද වළකින් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් සියලු බලපත්‍රලාභී වාණිජ බැංකුවලට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සීමා පණවා තිබෙනවා. මෙලෙස මුදල් කමිටුව විසින් ගෙන ඇති මෙම තීරණය විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය රැක ගැනිම සදහා සිදු කරන බවත් ඔවුන් විසින් දක්වා තිබෙනවා.