Loading...
විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවාවන් මන්දගාමී වෙන්නේ මෙහෙමයි

මේ වෙන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වෙන විදුලි කප්පාදු කිරිම් නිසා දිවයින පුරාම අන්තර්ජාල වේගය අඩාල වි පවතින බවට වාර්තා වෙනු ලබනවා. මේ පිළිබඳ අප ඊයේ දිනයේදි අප Facebook පිටුව ඔස්සේ සිදු කරන ලද තොරතුරු ලබා ගැනීමට අනුවත් මේ බව තහවුරු වෙනු ලබනවා.

සාමාන්‍යයෙන් විදුලි විසන්ධි වු පසු දුරකථන සංඥා කුළුණු ජෙනරේටර් හෝ backup battery ආධාරයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වුවත්, මේ වෙන විට රටපුරා පවතින ඉන්ධන අර්බුදය නිසා එම ජෙනරේටර් සදහා ඉන්ධන සපයා ගැනිම ඇනහිට තිබෙනවා. එමෙන්ම අඛණ්ඩව විදුලි බලය ල්බා ගැනීම නොහැකි වීම නිසා backup battery වල බලය විදුලි විසන්ධි කරන කාලයට ප්‍රමාණවත් නොවන බව දුරකතන සේවා සපයන ආයතන වල අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා අපට තොරතුරු ලැබුනා. මේ හේතුව නි​සා බොහෝ දුරකථන සංඥා කුළුණුවල Interference Reduction පද්ධතිය අක්‍රීය වෙනු ලබනවා.

මේ Interference Reduction පද්ධතිය 3G සහ 4G වැනි ඉහළ වේගවලින් දත්ත සම්ප්‍රේෂණය සදහා අත්‍යාවශ්‍ය වෙන අතර මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සදහා වැඩි බලයක්ද අත්‍යාවශ්‍ය වෙනවා. මෙම බලය විදුලිය නොමැති අවස්ථාවල ජෙනරේටර් මගින් සපයනු ලබන අතර මේ වෙන විට පවතින ඉන්ධන අර්බුදය නිසා ජෙනරේටර් ක්‍රියාත්මක නොවන බැවින් මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරිමට දුරකථන සංඥා කුළුණුවල පවතින Backup Battery Power එක ප්‍රමාණවත් නොවේ.

මෙලෙස Interference Reduction පද්ධතිය ක්‍රියාත්මක නොවිම නිසා 3G හා 4G තාක්ෂණයන් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය අඩාල වි 2G තාක්ෂණය ඔස්සේ පමණක් Backup Battery Power එක උපකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදු විම ආරම්භ වෙනු ලබනවා.

එනම් මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය විසන්ධි වු පසු ජෙනරේටර් ක්‍රියාත්මක නොවන දුරකථන සංඥා කුළුණුවල අන්තර්ජාල වේගය 384kbps පමණ අගයක් දක්වා පහත යාම සිදු වෙනවා.

මෙලෙස 2G තාක්ෂණය පමණක් ක්‍රියාත්මක විම දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ වැනි සේවා සදහා ප්‍රමාණවත් වුවාත් අන්තර්ජාල කටයුතු සදහා ප්‍රමාණවත් නොවෙන අතර ඒ ඒ දුරකථන සමාගම් සපයන HD Voice හා VoLTE ආදී අතිරේක සේවාවන් ද මේ සමග අක්‍රීය වෙනු ලබනවා. එමෙන්ම මේ අවස්ථාවලදී දුරකථන සමාගම් විසින් Home Broadband සේවාවන් සදහා සපයා ඇති Router වෙනත් ක්‍රමවලින් ක්‍රියාත්මක කිරිමෙන් කිසිදු පළක් නොමැති වෙනවා.

මේ පිළිබඳ Twitter සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙන නාමල් රාජපක්ෂ මහතාගෙන් සිදු කරන ලද විමසීමකට ප්‍රතිචාර ලෙස සදහන් කර ඇත්තේ මෙම ගැටලුවට දිගු කාලින විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරිම පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.