Loading...
Starlink සඳහා බලපත්‍ර ලබා ගැනීමට නියෝජිතයෙකු නුදුරේදීම ශ්‍රී ලංකාවට...

ඔබට මතක ඇති පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හි අනුමැතිය Starlink සඳහා හිමි වු බවට අප තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මෙහි ඉදිරි වැඩ කටයුතු සඳහා Starlink Satellite System හි නියෝජිතයෙතු මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙහි මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේ අවසන් අදියරයේ කටයුතු සඳහා එළඹෙන සතියේදී නැවත පැමිණීමට නියමිත වනවා.

එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන රුවන් විජේවර්ධන මහතා දක්වා තිබෙන්නේ ඉන්දියාවේ නව දිල්ලියේ සිටින Starlink නියෝජිතයා විසින් මේ වන විටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ මුලික සාකච්ඡා පවත්වා ඇති බවත් ඉදිරි සතිය පමණ වන විට සාකච්ඡා බොහෝ දුරට අවසන් වන බවයි.

මේ මුලික සාකච්ඡා සාර්ථක වු බවත් සති දෙකක කාලයක් තුළ සියලු කටයුතු අවසන් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Image - Starlink

එමෙන්ම මේ වන විට Starlink වෙබ් අඩවිය විසින් මිලග වසරෙදී, එනම් 2025දී ශ්‍රී ලංකාව සඳහා Starlink සේවා ලබා දීම ආරම්භ කරන බව දක්වා තිබෙනවා.

Source: www.dailymirror.lk