Loading...
Online ආකාරයට විදේශයන්ගෙන් මිලදී ගෙන ආනයන කරන භාණ්ඩ සඳහා බද්දක් පැනවීමට ශ්‍රී ලංකා රජයේ අවධානය

Online ආකාරයට විදේශිය රටවල්වලින් ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන සදහා බදු ක්‍රමයක් හදුන්වා දිම කෙරෙහි රජයේ අවධානය යොමු වි පවතින බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දිනක දි පාර්ලිමේන්තුවේ පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් (Mohamad Muzamil) මහතා විසිව් පාර්ලිමේන්තුවේ දි යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිබඳව දෙමින් අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර සිටියා. ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ විවිධ Online ක්‍රමයන් ඔස්සේ විදේශි භාණ්ඩ හා නිෂ්පාදන ආනයනයේදි දැනට බදු පැනවිමක් සිදු නොවන අතර ඉදිරයේදි මෙම භාණ්ඩ හා නිෂ්පාදන සදහා පාරිභෝගිකයාට අවාසියක් අත් නොවන අයුරින් යම් බදු පැනවිමක් සිදු කිරිම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

එමෙන්ම මෙලෙස බදු පැනවිමේදි වෙනත් රටවල මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අධ්‍යනය කර මේ පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත්, වාණිජ දෙපාර්තමේන්තුව හා මෙලෙස භාණ්ඩ හා නිෂ්පාදන සේවා ආනයනය කර සේවය ලබා දෙන පුද්ගලික සමාගම් සමගත් සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වෙන බවත් ඔහු විසින් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම වර්තමානයේ දි Online ක්‍රම ඔස්සේ මෙලෙස භාණ්ඩ හා නිෂ්පාදන ආනයනයේදි එම භාණ්ඩවල හා නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳව විවිධ ගැටලු මතු වි තිබෙනවා.

Source : NewsWire