Loading...
NSBM හරිත සරසවියේ FOSS Community මඟින් පවත්වන Technosphere 2022 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දක්​වා

නව තාක්ෂණික දැනුම පසුපස හඹායන හැමෝම වෙනුවෙන් NSBM හරිත සරසවියේ FOSS Community එක අලුත් වැඩක් කිරීමට සූදානම්. ඒ අනුව පසුගිය නොවැම්බර් 5 වන දින NSBM FOSS Community එක මගින් මේ අලුත් වැඩේ ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත්කලා. Technosphere 2022 ලෙස හදුන්වපු මේ අලුත් event එක ලංකාවෙ ඉන්න industrial experts ලගෙ සහභාගීත්වයෙන් පවත්වන එක්තරා විදියක conference එකක් කිවුවොත් නිවැරදියි.

Technosphere 2022 හි phases දෙකක් අන්තර්ගතයි. Phase I එකට ඇතුළත් වෙන්නේ webinar series එකක්. ඉතින් මේ Webinar series එක නොවැම්බර් 28 සිට දෙසැම්බර් 1 දක්වා Technosphere official website එක ඔස්සේත්, Phase II, හෙවත් අවසාන දින main event එක දෙසැම්බර් 2 වෙනිදා NSBM හරිත සරසවි පරිශ්‍රයේදීත් පැවැත්වීමට NSBM FOSS Community එක සූදානම් වී සිටිනවා.

එම දින 5 පුරාවට ලෝකයේ නව තාක්ෂණික දැනුම් පද්ධති කීපයක් පිළිබඳව කතා බහට ලක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. Webinar series එක මේ වන විටත් ආරම්භ වී ඇති අතර තවත් දින දෙකක් පුරාවට එය Technosphere නිල web අඩවිය ඔස්සේ, stream කිරීමට නියමිතයි.

Technosphere 2022හි අවසාන දින main event එක දෙසැම්බර් 2 වන දින ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙයට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ future-ready technologies රැසක් පිළිබඳ seminars ඇතුළත්. මේ සදහා ආරාධිත විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍යයන් ඇතුලු 400 ක පමණ පිරිසක් පැමිණීමට නියමිතයි.

NSBM FOSS Community එකෙන් Technosphere 2022 event එකට සමගාමීව සංවිධානය කල Technosphere CTF නම් capture the flag competition එක මේ වන විටත් ආරම්භ වෙලයි තිබෙන්නේ. CTF කියන්නෙ ලෝකෙ පුරා ගොඩක් ප්‍රසිද්ධ coding competition වර්ගයක් වන අතර මෙහිදී තරගකරුවන් විවිධ වර්ගයේ coding ගැටලු විසඳමින් රහස් කේත ලබාගෙන එම රහස්කේත submit කිරීම හරහා ජයග්‍රහණය ලඟා කරගනු ලබනවා.

මෙම competition එක නිම වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 29 වන දින සවස 4 ට යි. එම නිසා මේ competition එක සඳහා තවමත් Technosphere official web site එක හරහා සහභාගි වීමට හැකියාව තිබෙනවා.

තාක්ෂණයත් විනෝදයත් මුසුව පැවැත්වීමට නියමිත Technosphere 2022 event එක සාර්ථකව පැවැත්වීමට NSBM FOSS Community එක මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් සිටිනවා.

Android වැඩකාරයෝ අපි NSBM FOSS Community එකට අපගේ සුභාශිංශන එකතු කරනවා.