Loading...
Telegram භාවිත කරන්නන්ගේ තොරතුරු රජයන් වෙත ලබා දීමට එකඟ වේ

Telegram හි CEO වන Pavel Durov විසින් Telegram භාවිත කරන්නන්ගේ පිළිබඳව තොරතුරු රජයන් වෙත ලබා දීමට එකග වී තිබෙනවා.

මොකක්ද මේ Telegram app එක
Telegram කියන්නේ දැනට තියෙන හොදම සහ security පැත්තෙන් ඉහලම app එකක් කියලා කියන්න පුළුවන්.

Telegram කියන්නේ මොකක්ද කියලා දැනගන්න මේ ලිපිය කියවන්​න

මේ සඳහා පසුගිය සමයේදී ඔහුව ප්‍රංශයේදී අත්අඩංගුවට පත් වීම හේතු වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර එහිදී ඔහුට ත්‍රස්ත ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය වෙළඳාම, අවි ජාවාරම, ලිංගික අන්තර්ගත හුවමාරු, සහ ප්‍රචණ්ඩකාරි වෛරී අන්තර්ගතයන් Telegram තුළින් අඩු කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගනු නොලැබු බවට චෝදනා එල්ල වුවා.

මෙහිදී Pavel Durov විසින් දක්වා සිටියේ Smartphone යුගයට පෙර තිබූ නීති භාවිතා කරමින්, Telegram හි වෙනත් පාර්ශවයන් විසින් සිදු කරන අපරාධ සඳහා එහි හිමිකරු වන තමාට චෝදනා කිරීම වැරදි සහගත බවයි.

ටෙලිග්‍රෑම් නිර්මාතෘ පවේල් ඩූරොව් අත්අඩංගුවට ගත් හේතුව හෙළි වේ
ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ටෙලිග්‍රෑම් හී නිර්මාතෘ පවේල් ඩූරොව් පසුගිය දිනක ප්‍රංශ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ

Telegram නිර්මාතෲ ප්‍රංශයේදී අත්අඩංගුවට පත්වූ හේති ගැන කියවන්න

මෙලෙස වෙනත් අයවලුන් විසින් විවිධ අපරාධයන් සඳහා Telegram භාවිත කිරීම Telegram භාවිත කරන බිලියනයක පමණ පිරිසට හානිකරන බැවින් Telegram Search Results වලින් එවැනි දැ ඉවත් කිරීම ඔවුන් දැනටමත් කටයුතු කරමින් සිටින බවත්, මෙවැනි දැ Search Results වලින් හමුවු විගස ඒවා Report කිරීමත් පරිශිලකයින්ගේ වගකීමක් ලෙස දක්වා තිබෙනවා.

මොවුන්ගේ නව Privacy Policy එකට අනුව රජයන්ට හෝ වෙනත් නිතීමය ආයතන සඳහා තම නිතී උල්ලංඝනය කර ඇති පුද්ගලයින්ගේ IP Address සහ දුරකථන අංකයන් නිසි නිතීමය රාමුවක් තුළ ලබා දීම සිදු කරනු ඇත. ඒ අනුව පරිශීලකයන්ගේ IP Address සහ දුරකථන අංකයන් පිළිබඳව තොරතුරු නිසි නීත්‍යානුකූල ඉල්ලීම් සඳහා පමණ​ක් ලබා දීම සිදු වනු ඇත.

එමෙන්ම මේ නව policies කිසිවක් end-to-end encrypted Private Chats සඳහා අදාල නොවන අතර end-to-end encrypted නොවන Group chats සහ channel සඳහා වලංගු වනු ඇත.

මොකක්ද මේ WhatsApp Policy update එකත් එක්ක කරලියට ආපු End to End Messaging Encryption
WhatsApp එකෙන් අලුත් Privacy Policy Update එකක් ආවනේ. මේක නිසා මෙච්චර සීතලට තිබ්බ ගින්දරක් වගේ උන පෞද්ගලිකත්වය කියන එක ආයි කරලියට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මොකද්ද මේකෙ වෙන්නෙ. ඔයාගෙ එදිනෙදා ජීවිතේ ඔයා කරන දේවල් බලන් ඉන්න එක්කෙනෙක් ඉන්නවද ? මේ වගෙ ඔයාත් පොඩ්ඩක් බයවෙලානම් මේ ලිපිය කියවන්න. අද කතා කරන්නේ සයිබර් ලෝකේ ඔයාට කොච්චර හැන්ගිලා ඉන්න පුලුවන්ද කියලා.

End-to-end encrypted මැසේජ් කියන්නේ මොනවද කියලා දැන ගන්න මේ ලිපිය කියවන්න.

Source: www.bbc.com