මේ දිනවල සමාජ මාධ්‍යයන්හී ඉතා සිඝ්‍රයෙන් හුවමාරු වන Tesla සමාගමේ නවතම Smartphone එක, නැතිනම් Tesla Pi phone එක පිළිබඳව ඔබ දැනටමත් දැක හෝ එය Share කර ඇති බව නිසකයි.

මෙලෙස හුවමාරු වන සටහන්වලට අනුව මේ වසර අවසානයේදී නිකුත් වීමට නියමිත මේ Smartphone එක පහත සුවිශේෂි පහසුකම්වලින් සමන්විත වනවා.
- ආරෝපණය කිරීමට අවශ්‍ය නොමැති Battery එකක්.
- අන්තර්ජාල සම්බන්ධතාවය Starlink හරහා
- පෘථිවිය, චන්ද්‍රයා සහ අඟහරු දක්වා වු සම්බන්ධතාවය
අද අපි මේ ලිපියෙන් කතා කරමු මේ නිකුත් වීමට නියමිත යැයි පැවසෙන නව Tesla Pi phone එක පිළිබඳව.
මේ පිළිබඳව Tesla සමාගමෙන් නිල නිවේදනයක් තිබේ ද ?
සරලතම පිළිතුර නැත යන්නයි. Tesla සමාගම විසින් කිසිදු Satellite Phone එකක් වෙළදපොලට නිකුත් කිරීමට සුදානම් බව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වනවා.
එමෙන්ම ඔවුන් විසින් මේ වන විටත් ඉතා සාර්ථකව සිදු කරන ගෙන යන Neuralinks ව්‍යාපෘතිය නිසා අනාගතයේදී හෝ ඔවුන් Smartphone නිෂ්පාදනය සඳහා පිවිසේ යැයි යන්න සිතිම ඉතා අපහසු වනවා.
2020 වසරේදී පමණ Elon Musk විසින් නිකුත් කළ X සටහනකට අනුවත් ඔහු විසින් දක්වා සිටින්නේ අනාගතය වන්නේ Smartwatches හෝ Smartphones නොව Neuralinks බවයි.
Definitely not. Smartwatches & phones are yesterday’s technology, Neuralinks are the future.
— Elon Musk (@elonmusk) September 14, 2020
Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප ඔබ වෙත ගෙන ආ ලිපි පහළින් නැවත ඔබට බලන්න පුලුවන්.

යම් අවස්ථාවක හෝ Elon Musk විසින් ඔහුගේම නව Smartphone එකක් වෙළදපොලට නිකුත් කරන බව පවසා තිබේ ද ?
ඔව්. ඔහු විසින් මිලදී ගත් Twitter වර්තමානයේ X නමින් හැදින්වෙන යෙදුම Android සහ iPhone තුළින් ඉවත් කිරීමට එම සමාගම් කටයුතු කළහොත් ඔහු අනිවාර්යයෙන්ම ඔහුගේම Smartphone එකක් වෙළදපොලට නිකුත් කිරීමට කටයුතු කර බව සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් මෙය 2022 වසරේදී පමණ ඔහු විසින් සටහන් කර තිබුණ ප්‍රකාශයක් වන අතර මේ වන විට X සඳහා Android හෝ iPhone තුළින් ඉවත් කිරීමේ කිසිදු සුදානමක් නොමැති වනවා.
I certainly hope it does not come to that, but, yes, if there is no other choice, I will make an alternative phone
— Elon Musk (@elonmusk) November 25, 2022
මේ පිළිබඳව අප ඔබ වෙත ගෙන ආ ලිපිය මෙන්න.

එමෙන්ම අන්තර්ජාලය තුළ ඇති තොරතුරු පරීක්ෂා කිරීමේදී 2021 වසරේ සිට විවිධ අවස්ථාවන්වල Elon Musk විසින් නව Smartphone එකක් නිකුත් කරන බවට විවිධ නිල නොවන තොරතුරු වාර්තා වු අතර Twitter App එක Appstore තුළින් ඉවත් කළහොත් ඔහු තමන්ගේම Smartphone එකක් නිකුත් කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ නැවත මෙය ඉස්මතු වුවා.
කෙසේ වෙතත් ඔහුගේ Neuralink ව්‍යාපෘතිය සමඟින් ඔහු මෙලෙස Smartphone නිෂ්පාදනය සඳහා පිවිසීම සිදු නොවනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. ඒ අනුව මෙලෙස සමාජ මාධ්‍ය තුළ දැනට වාර්තා වන Tesla Pi phone එක පිළිබඳව සියලුම තොරතුරු නිල වශයෙන් තහවුරු කරන ලද ඒවා නොවන බව දැක්විය හැකියි.
ඒ අනුව Pi Phone පිළිබඳව අන්තර්ජාලය පුරාවට දැනට හුවමාරු වන තොරතුරු වල වලංගුතාවයක් නොමැත.
Source: snopes.com www.hometownstation.com factly.in factcheck.afp.com