ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk විසින් Tesla brand එක යටතේ නව Smartphone එකක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බවට ඉඟි පළවී තිබෙනවා. මේ තුළින් Apple, Google වැනි Smartphone නිෂ්පාදන සාමාගම් වලට හොඳ අභියෝගයක් දීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
If Apple & Google boot Twitter from their app stores, @elonmusk should produce his own smartphone. Half the country would happily ditch the biased, snooping iPhone & Android. The man builds rockets to Mars, a silly little smartphone should be easy, right?
— Liz Wheeler (@Liz_Wheeler) November 25, 2022
Liz wheeler විසින් මේ බව පවසමින් tweet එකක් පළ කර ඇති අතර එයට reply කරමින් Elon musk විසින් පවසා ඇත්තේ එසේ නොවනු ඇතැයි ඔහු නිසැකවම බලාපොරොත්තු වන බවත් නමුත් වෙනත් විකල්පයක් නොමැති නම් ඔහු Smartphone එකක් නිපදවීමට සූදානම් බවයි.
I certainly hope it does not come to that, but, yes, if there is no other choice, I will make an alternative phone
— Elon Musk (@elonmusk) November 25, 2022

Tesla smartphone එකක් සඳහා ඇත්ත වශයෙන්ම අදහසක් තිබේ නම්, Elon musk විසින් එහි wireless communication සඳහා ද විශේෂ වූ ඒකකයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙය තවමත් උපකල්පනයක් පමණක් වන අතර, ඉදිරියේදී මෙවැනි තොරතුරු සඳහා දිගටම Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.
Source: www.macrumors.com www.phonearena.com 9to5mac.com