Loading...
Android 12 මතදී ක්‍රියාත්ම​ක නොවුනු Amazon Appstore එක යලි යතා තත්වය​ට

සමහර Android 12 Usersලාගේ Devicesවල Amazon Appstore නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවිම  හා ඔවුන් Amazon Appstore එක භාවිතයෙන් Download කරන ලද free සහ paid apps Lunch කිරිමටත් නොහැකි වි ඇති බව පසුගිය දිනවලදි වාර්තා වුවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ Amazon සමාගමේ ප්‍රකාශකයකු විසින් සදහන් කර ඇත්තේ මේ වෙන විට මෙම ගැටලුව Update එකක් මගින් විසදා ඇති බවයි.

We have released a fix for an issue impacting app launches for Amazon Appstore customers that have upgraded to Android 12 on their mobile devices.

ඒ අනුව Amazon සමාගම විසින් ඔවුන්ගේ Appstore එක වෙත නව Update එකක් ලබා දි ඇති අතර ඒ මගින් මෙලෙස Appstore එක ඔස්සේ Download කරන ලද Apps Lunch කිරිමට නොහැකි විම මේ වෙන විට නිවරදි කර තිබෙනවා. මේ වෙන විට මෙම ගැටලුව විසදු නව Update එක සහිත Amazon Appstore එකේ නවතම Version එක ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා බාගත කර ගැනිමේ හැකියාවත් ලබා දි තිබෙනවා.

Source : Android Authority