Loading...
Spotify වෙනුවට භාවිතා කල හැකි විකල්ප සේවාව​න් 05ක්

ලොව ජනප්‍රියතම Music Streaming Subscription සේවාවක් ⁣වන Spotify 2021 වසරේදී නිල වශයෙන් ශ්‍රී ලංකාව සදහා ඔවුන්ගේ සේවා ලබා දීම ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් පසුගිය සතියේදී Spotify විසින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ පාරිභෝගිකයන් සදහා ලබා දෙන Spotify Wrapped නැති නම් ඔවුන්ගේ Listening History එක පිළිබඳ ලබා දෙන දත්ත මෙවර ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් සදහා ලබා නොදි තිබිම පිළිබඳ බොහෝ දෙනෙක් කනස්සල්ලට පත්ව ඇති බව පසුගිය සතිය තුළ මේ පිළිබඳ විවේචනය කරමින් සමාජ මාධ්‍යයන්වල පළ කර තිබුණු සටහන් හරහා දැක ගත හැකි වුවා.

කෙසේ වෙතත් Spotify සමාගම නිල වශයෙන්ම දක්වා තිබුණේ මෙවර Wrapped ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් සදහා ලබා නොදෙන බවයි. මීට අමතරව තවමත් ශ්‍රී ලංකාව සදහා Spotify Podcasts පහසුකමත් ලබා දී නොමැති වනවා.

මෙවැනි හේතුන් මත මේ වන විට Spotify භාවිත කරන ඔයා, වෙනත් Music Streaming Service එකක් ⁣සදහා මාරැ වෙන්න බලාපොරොත්තුවෙන් පසුවෙනවා නම් මේ ලිපිය ඔබට !

Spotify භාවිත කරන ඔබට ඒ සදහා ආදේශකයන් ලෙස භාවිත කළ හැකි ලොව ජනප්‍රියතම Music Streaming Services කිහිපයක් පහත පරිදි වනවා. කෙසේ වෙතත් මින් ශ්‍රී ලංකාව සදහා නිල වශයෙන් සහය දක්වනු ලබන්නේ Apple Music සහ Deezer පමණයි.

  • Tidal‌‌
  • YouTube Music‌‌
  • Apple Music‌‌
  • Deezer‌‌
  • Pandora

Tidal

නොමිලේ සහ මසකට ඩොලර් 9.99ක සිට ඩොලර් 19.99 දක්වා මුදලකට භාවිත කළ හැකි අතර මෙය සිංදු මිලියන 90කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වනවා. මෙය සංගීතඥයන් විසින් සංගීතඥයන් සදහා නිර්මාණය කරන ලද්දක් ලෙස හැදිවෙන් අතර රටවල් රැසක් සදහා සහය දක්වූවත් ශ්‍රී ලංකාව සදහා නිල වශයෙන් තවමත් සහය දක්වන්නේ නොමැති වනවා.

Image : Android Authority

මෙය High Quality Audio, Selection of Curated Playlists, Music Blog සහ Music Video Library ආදි විශේෂාංග ගණනාවකින් සමන්විත වනවා. මොවුන් විසින් ඔවුන්ගේ පරිශීලකයන් සදහා High Quality Listening Experience එකක් ලබා දීම සදහා මේ Music Streaming Service එක සංවර්ධන කර තිබෙනවා.

Spotify හා සන්සන්දනය කිරිමේදී Tidal Music Streaming Service එක මගින් සජීවි Music Video නැරඹිමේ හැකියාව මෙන්ම, හොද Sound Quality එක විශේෂාංග ලෙස දැක්විය හැකියි.

YouTube Music

Google සමාගම සතු වන මෙය Youtube සමග ඒකාබද්ධ වි ඇති නිසා අනෙක් කිසිදු Music Streaming Service එකකට වඩා විශාල ගීත සංඛ්‍යාවකට මෙය හිමිකම් කියනු ලබනවා. ගීත සොයා ගැනිමේදී කලාකරුවන්, ගීත ප්‍රභේද හෝ ගීත හරහා සොයා ගත හැකි අතර ඔබගේ Listening Habits අනුව Spotifyවල ආකාරයෙන්ම Recommendations ලබා ගන්නත් පුලුවන්.

Image : Android Authority

නොමිලේ සහ මසකට ඩොලර් 9.99ක මිලකට මෙය ලබා ගත හැකි අතර තවත් අමතර ඩොලර් 2ක මුදලක් මගින් Youtubeහී ද දැන්විම් ඉවත් කිරිමේ හැකියාව ලැබෙනවා. මේ සමග YouTube Music සහ YouTube Premium, හී අඩංගු වන විශේෂාංග සියල්ලම ලබා ගන්න පුලුවන්.

Apple Music

2015 වසරේදී නිකුත් කරනු Apple සමාගමේ Music Streaming Service එක මේ වන විට ගීත මිලියන 80කට අධික සංඛ්‍යාවකින් සහිත වන අතරම මෙය Apple පරිශීලකයන් මෙන්ම Android පරිශීලකයන්ටද භාවිත කළ හැකි ජනප්‍රිය Music Streaming Service එකක් වනවා.

Image : Android Authority

මේ මගින් පරිශීලකයන්ට මිලියන 80ක පමණ ගීත, විශාල Playlist සංඛ්‍යාවක් සහ 24×7 Live Radio පහසුකම් ආදියත් සපයනවා. මෙහි individual, student සහ family ලෙස Plans කිහිපයක් පවතින අතර එහි මිල ගණන් ඩොලර් 3.49 සිට ඩොලර් 9.99 අතර පරාසයේ පවතිනවා.

සෑම පරිශීලකයෙක් සදහාම Lossless Audio පහසුකම ලැබෙන අතරම Spatial Audio ආදි පහසුකම් ද ලබා ගත හැකි වනවා.

Deezer

ශ්‍රී ලංකාවේ අපට භාවිත කරන්න පුලුවන් තවත් Music Streaming Service එකක් ලෙස Deezer දක්වන්න පුලුවන්. මෙය Playlists, stations, Recommendations සහ Flow ආදි Personal Soundtrack ලබා දෙන විශේෂාංගවලිනුත් සමන්විත වනවා.

Android Authority

මෙය මසකට ඩොලර් 10.99 සහ 17.99 ලෙස ලබා ගත හැකි Individual සහ Family Plans දෙකෙන් යුතු වනවා. එමෙන්ම මේ Music Streaming Service එක 16-bit FLAC Feature එකෙන් ද යුතු වෙනවා.

Pandora

2005 වසරේදී නිකුත් වු මේ Music Streaming Service එක ඇමරිකා එක්සත් ජනපදය සදහා පමණක් සීමා වනු ලබනවා. මෙයක් Free සහ Paid ලෙස Version දෙකකින් සමන්විත වන අතර ගීත රැසකින් මෙන්ම, Podcasts, Lyrics ආදි පහසුකම්වලින් ද මෙය සමන්විත වනවා.

Android Authority

මෙහි ගීත මිලියන 30ක් පමණ අඩංගු වන අතර මෙහි ප්‍රධාන Feature එක ලෙස Station දක්වන්න පුලුවන්. ඒ මගින් පරිශීලකයාගේ තේරිම අනුව Recommendations Tracks ලබා දීම සිදු වනවා.