කෘතීම බුද්ධිය සහ වීඩියෝ නිර්මාණය
වර්තමානයේ අපි හැමෝම කතාවෙන සහ අපේ වැඩ පහසු කරගන්න භාවිතා කරන දෙයක් තමයි කෘතීම බුද්ධිය. අපි පොඩි කාලේදී, (ඒ කිව්වේ මිලේනියල්ස්ලගේ හොඳේ) අපි කට ඇරගෙන බලාගෙන හිටිය Knight Rider TV series එකේ KITT 2000 කරපු කියපු දේවල් අද අපිට හැබැහින්ම මේ වෙනකොට දකින්න ලැබෙනවා සහ අපිටම ඒවා පාවිච්චි කරලා අත්විඳින්න හම්බෙනවා.
AI Technology එක මේ වෙනකොට සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. කොච්චරද කියනවා නම් හරියට අධ්‍යයනය කරලා ඉගෙන ගත්තොත්, දැන් අපිට පුළුවන් TV commercial එකක් උනත් හරිම ලස්සනට අඩු පිරිවැයකින් හදාගන්න. ඒක තාත්විකද, ත්‍රිමාණද, ද්විමානද වේවා අපිට ඕන විදිහට අපේ හිතේ ඇඳිලා තියෙන video එක හෝ පින්තූරය ඒ විදිහටම හෝ ඒ ආසන්නයටම එන්න පහසුවෙන්, අඩු කාලයකින් සහ අඩු පිරිවැයකින් සකසා ගන්න.
දැන් මේ විදිහට ලෝකය පුරාවටම හැමතැනම වගේ කෘතීම බුද්ධිය භාවිතා කරලා වීඩියෝ පට නිර්මාණය වෙනවා. කොච්චරද කියනවා නම් මේ වෙනකොට Social Media වල Human Influencersලාට වඩා AI Influencersලා ඉස්සරහට එමින් පවතිනවා.
AI-generated වීඩියෝ වල ශ්‍රී ලාංකීය ආගමනය
ශ්‍රී ලංකාවෙත් මේ වෙනකොට බොහොමයක් සමාගම් විසින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා වන වීඩියෝ පට නිර්මාණය කර ගැනීම සඳහා කෘතීම බුද්ධිය භාවිතා කරනවා. ඇතැම් වීඩියෝ පට මුලුමනින්ම කෘතීම බුද්ධිය භාවිතා කරමින් නිර්මාණය වූ ඒවා වන අතර බොහොමයක් වීඩියෝ පට යම් යම් කොටස් වලට පමණක් කෘතීම බුද්ධිය භාවිතා කරමින් කොටස් ඇතුලත් කර තිබෙනවා.
නමුත් AI භාවිතා කරමින් මුලුමනින්ම නිපදවන විඩියෝ දර්ශනයක් 100% සාර්ථක කරගැනීමට නොහැකි වූයේ ආරම්භයේ සිට අවසානය දක්වා දිවෙන තෙක්ම වීඩියෝ පටය තුල ඇති වස්තූන් ජීවීන් සහ අනෙකුත් දෑ පරිපූර්ණ ආකාරයෙන් පවත්වාගෙන යන ආකාරයට එම වීඩියෝ පට නිර්මාණය කර ගැනීමට හැකියාව නොලැබීම වැනි අභියෝගයන් පැවතීම නිසායි.
සියළු අභියෝග හමුවේ සාර්ථක වූ Dialog
මේ හැම අභියෝගයක්ම හමුවේ Dialog ආයතනය ඉතාමත් සාර්ථකව කෘතීම බුද්ධිය භාවිතා කරමින් TV commercial එකක් නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ආරම්භයේ සිට අවසානය දක්වාම දිවෙන සෑම රාමුවකම ඇති වස්තූන් සහ ජීවීන් කෘතීම බුද්ධිය භාවිතා කරමින් නිමැවුනු ඒවා වීමයි. මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම හරහා ඔවුන් Wi-Fi reload 999 පැකේජයේ ප්‍රචාරන කටයුතු සිදු කරනවා.
අපි මුලින්ම මේ වීඩියෝව නරඹලා ඉමු.
නිරතුරුව නිවැසියන්ගේ හුරතලයට ලක්වීම වදයක් වූ බළල් පැටියෙකුට, නිවැසියන් විසින් Wi-Fi reload 999 සබඳතාවයක් සක්‍රීය කිරීමෙන් පසුව නිදහසේ සිටීමට ඉඩකඩ ලැබෙන ආකාරය වටා නිර්මාණශීලීව ගෙතුනු කතාවක් ලෙසින් මේ රූපවාහිනී වෙළඳ දැන්වීම නිමැවී තිබෙනවා.
මේ වීඩියෝවේ අන්තර්ගතයේ ඇති මනුෂ්‍යන්ගේ සිට බළලාගේ රූපය මෙන්ම නිවස ඇතුලත ඇති භාණ්ඩ වගේම Dialog Home Broadband router එක පවා කෘතීම බුද්ධිය භාවිතා කරමින් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වෙලා තිබෙනවා. කෘතීම බුද්ධිය භාවිතාවෙන් නිර්මාණය වූ බොහොමයක් වීඩියෝ වල ඇති වස්තූන් මේ ආකාරයෙන් ඒකාකාරීව පවත්වාගෙන යාමට හැකියාව නොලැබුනු නමුත් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් Dialog ආයතනය මේ වෙළඳ දැන්වීම පුරාවටම එහි ප්‍රධාන චරිතය හොබවන බළල් පැටවාගේ කිසිඳු වෙනසක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට සමත්ව තිබෙනවා.
මෙම වෙළඳ දැන්වීම නිර්මාණය කිරීම සඳහා Dialog ආයතනය විසින් ChatGPT, MidJourney, Runway සහ Flux කියන සේවාවන් භාවිතා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුලදී 100%ක්ම AI Technology භාවිතා කරමින් නිමැවුනු මෙම වීඩියෝව කෘතීම බුද්ධිය ආශ්‍රයෙන් සිදු කෙරෙන වෙලඳ ප්‍රචාරණ කටයුතු නව මානයකට රැගෙන යන මූලාකෘතියක් ලෙසින් Dialog සමාගම විසින් නිර්මාණය කරපු මේ වීඩියෝව හඳුන්වන්න පුළුවන්.