Loading...
පැය 24න් අතුරුදහන් වන "Ghost Posts" විශේෂාංගය Threads සඳහා හදුන්වා දෙයි.

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය වේදිකාවක් වන Instagram හි X (පෙර Twitter) සඳහා වූ විකල්පය වන Threads සඳහා සුවිශේෂී නව අංගයක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව විශේෂාංගය 'Ghost Posts' ලෙස හඳුන්වනු ලබන අතර, ඒ මඟින් Threads එකක් Post කර පැය 24කට පසු ස්වයංක්‍රීයව අතුරුදහන් වී, Archive වීමේ හැකියාව ලබා දෙනවා.

Here today and gone tomorrow, you can feel confident trying new things and posting spontaneous thoughts.

Threads සමාගම සඳහන් කර ඇත්තේ මෙම අංගය හරහා පරිශීලකයින්ට තමන් ලබා දී ඇති අදහස් පළ කිරීමේ නිදහස තවදුරටත් වැඩි කිරීම සිදු කරන බවයි.

'Ghost Posts' ක්‍රියාත්මක වන ආකාරය

මෙම නව 'Ghost Posts' විශේෂාංගය Instagram හි දැනටමත් පවතින Disappearing Messages පහසුකමට සමාන නමුත්, මෙහිදී මෙය ක්‍රියාත්මක වන්නේ Feed එකේ පළ කෙරෙන සාමාන්‍ය Posts සඳහා වීම විශේෂත්වයක් වනවා.

එමෙන්ම මෙම පහසුකම භාවිතා කර පළ කරන සියලුම Ghost Posts, හරියටම පැය 24ක් සම්පූර්ණ වූ වහාම අතුරුදහන් වී, සෘජුවම අදාළ පරිශීලකයාගේ Archive තුළ Save වීම සිදු වනවා. එබැවින් මෙම Posts කිසිවක් සදහටම අහිමි නොවී ආරක්ෂා වී පවතී. ඊට අමතරව, Threads පරිශීලකයාගේ Profile පිටුවේද මෙම Ghost Post විකල්පය දැක ගැනීමට හැකි වනු ඇත.

Image Source - Threads

එමෙන්ම Ghost Postsවලට Comment කළ නොහැකි වන අතර Direct messages හරහා ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියව ලබා දී තිබෙනවා.


Threads සමාගම පසුගිය අප්‍රේල් මාසයේ සිටම මෙම Ghost Post විශේෂාංගය පරීක්ෂණ මට්ටමේ තබා ඇති අතර අමතරව, Threads විසින් Text Attachments, Creator Insights සහ Hiding Specific Words වැනි පහසුකම් සහ වෙනත් නව අංග ගණනාවක්ද පරීක්ෂණ කරමින් සිටින බව වාර්තා වනවා.

Source: about.fb.com beebom.com