Loading...
Apple සි​ය 50 වන සංවත්සරය සැමරීමට සූදානම් බව ප්‍රකාශ කර​යි

Apple සමාගම සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ තිබේ. 1976 අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන ලද මෙම සමාගම, මේ වසරේදී සිය 50 වන සංවත්සරය සමරනු ලබයි. මෙම ඓතිහාසික අවස්ථාව නිමිත්තෙන් විශේෂ සැමරුම් උළෙලක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim Cook මහ​තා පසුගියදා තහවුරු කළේය.

පසුගිය සතියේ පැවති රැස්වීමක​දී අදහස් දක්වමින් කුක් ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් අතීතය දෙස බැලීමට වඩා අනාගතය දෙස බැලීමට ප්‍රමුඛතාව ලබා දෙන Apple සමාගම, මෙවර මෙම සුවිශේෂී සංවත්සරය වෙනුවෙන් යම් වෙනසක් කිරීමට තීරණය කර ඇති බවයි.

අතීතාවර්ජනයකට සූදානම් වන Apple සංස්කෘතිය

සාමාන්‍යයෙන් ඇපල් සමාගම යනු සැමවිටම What’s next? යන්න පිළිබඳව අවධානය යොමු කරන, Innovation මත පදනම් වූ සංස්කෘතියක් සහිත ආයතනයකි. ඔවුන් තමන් අත්කරගත් ජයග්‍රහණ දෙස ආපසු හැරී බැලීමට හෝ අතීතය සැමරීමට කාලය වැය කරන්නේ ඉතා කලාතුරකිනි. කෙසේ වෙතත්, වසර 50ක මෙම දීර්ඝ ගමන එවැනි සුළු සැමරුමකින් නිම කළ නොහැකි තරම් ප්‍රබල එකක් බව Tim Cook මහ​තා පෙන්වා දෙයි.

Bloomberg වෙබ් අඩවිය​ට අනුව, මෙම රැස්වීමේදී ඔ​හු මෙසේ පවසා ඇත:

“I’ve been unusually reflective lately about Apple because we have been working on what do we do to mark this moment — 50 years. It’s an extraordinary accomplishment. We’ve been going back through old archives, old photographs. We’ve been going back through the products, the services, the people, and I am struck by how much Apple has changed things, how much Apple has changed the world, how much Apple has given to the world.
Are we going to celebrate it? You better believe it. We’re not ready to say exactly how yet, so stay tuned. Yes. We’re not a culture that looks back. So the group of people working on this have had to kind of build a different muscle for this, as our muscle is always about what’s next. We’ve really had to work hard on this to get in a reflective state, but when you really stop and pause and think about the last 50 years, it makes your heart sing. It really does. I promise some celebration.”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සැමරුම සඳහා සූදානම් වීමේදී ඔවුන් සමාගමේ පැරණි ලේඛනාගාර, පැරණි ඡායාරූප, මුල්කාලීන නිෂ්පාදන, සේවාවන් සහ ඒ පිටුපස සිටි පුද්ගලයන් පිළිබඳව නැවත සොයා බලමින් සිටින බවයි.

ලෝකය වෙනස් කළ පනස් වසරක මෙහෙවර

1976 දී Steve Jobs සහ Steve Wozniak විසින් ආරම්භ කළ Apple සමාගම, අද වන විට ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. පනස් වසරක කාලය තුළ Apple සමාගම විසින් හඳුන්වා දුන් Macintosh, iPod, iPhone, iPad සහ Apple Watch වැනි නිෂ්පාදන මිනිස් ජීවිත සහ සන්නිවේදනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් විය.

සැමරුම් උළෙල කෙබඳු විය හැකිද?

Apple සමාගම මෙම 50 වන සංවත්සරය සමරන ආකාරය පිළිබඳව තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැත. "අප මෙය සමරනවාද? ඔව්, අනිවාර්යයෙන්ම. නමුත් එය සිදු කරන්නේ කෙසේදැයි දැන්ම ප්‍රකාශ කිරීමට අප සූදානම් නැහැ. ඒ නිසා අවධානයෙන් සිටින්න," යැයි Tim Cook පවසා තිබේ.

මීට පෙර, 2014 වසරේදී Mac පරිගණකයේ 30 වන සංවත්සරය නිමිත්තෙන් Apple සමාගම සුවිශේෂී ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. එහිදී විධායක නිලධාරීන්ගේ විශේෂ සම්මුඛ සාකච්ඡා, වෙබ් අඩවියේ විශේෂ අංග සහ පාරිභෝගිකයින් වෙනුවෙන් සැමරුම් වැඩසටහන් ඇතුළත් විය. එබැවින්, මෙවර 50 වන සංවත්සරය සඳහා මීට වඩා දැවැන්ත දෙයක් බලාපොරොත්තු විය හැකි බව බොහෝ දෙ​නා පවසති.

සමහර විට, Limited Edition නිෂ්පාදන හඳුන්වා දීමක් හෝ සමාගමේ ඉතිහාසය විදහා දක්වන විශේෂ වාර්තා වැඩසටහනක් බලාපොරොත්තු විය හැකිය. මෙය සේවකයින්ට පමණක් සීමා වූ සැමරුමක් ද, නැතහොත් ලොව පුරා සිටින Apple රසිකයින්ට විවෘත වූවක් ද යන්න පිළිබඳව තාක්ෂණික ලෝකයේ දැඩි කුතුහලයක් පවතී.

සංවත්සරයේ සුවිශේෂත්වය

තාක්ෂණික ලෝකයේ සමාගමක ආයු කාලය සාපේක්ෂව කෙටි වුවද, Apple සමාගම අඩ සියවසක් පුරා සිය අනන්‍යතාවය සහ ප්‍රමිතිය රැක ගනිමින් ඉදිරියට පැමිණීම අතිමහත් ජයග්‍රහණයකි.

Apple සමාගමේ මෙම අඩ සියවසක ගමන් මග සැමරීම හුදෙක් උත්සවයක් පමණක් නොව, එය ලෝකයේ නවෝත්පාදන ඉතිහාසය සැමරීමක් වනු නොඅනුමානය. එළඹෙන අප්‍රේල් මාසයේදී ලොවම බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ "Think Different" යන තේමාවෙන් ලොව දිනූ මෙම දැවැන්තයා සිය 50 වන උපන්දිනය සමරන ආකාරය දැක ගැනීමටයි.

Source: 9to5mac.com