Loading...
තාමත් Google Chromeමද? දැන් ඇති!(ද?)

Google Company එක වගේම ඒගොල්ලන්ගේ browser එකත් දැන් advertisement agency එකක කොටසක් වෙලා ඉවරයි. Chrome එකේ engine එකෙන්ම හැදුන Chrome වලට වඩා හැම අතින්ම හොඳ browser දැන් ඕනේ තරම් තියෙනවා.

ඉතින් තවමත් chrome වලම එල්ලිලා ඉන්න ඕනෙද? අපේ යෝජනාව නම් දැන් මාරු වෙන්න කාලේ හරි කියන එකයි. ඇයි එහෙම කියන්නේ?

PC එකට බරක්

Google Chrome RAM එක "කනවා" වගේම power usage එකත් වැඩියි කියන එක ප්‍රසිද්ධ දෙයක්. මේ දේවල් අඩු කරන්න Chrome විවිධ features test කළත් ඒවා සාර්ථක වෙන්නේ යම්තාක් දුරකට විතරයි.

තවත් දෙයක් තමයි ලඟදි Microsoft එකෙන් RAM ඉතුරු කරගන්න Chromium project එකට හඳුන්වල දුන්න feature එකකුත් Google විසින් Chrome එකට disable කළා.

මෙච්චර system resources පාවිච්චි වෙන්න විවිධ හේතු තියනවා තමයි. ඒත් ඒවාගෙන් බොහොමයක් chrome එකට විතරක් අදාල බව තේරෙන්නේ Edge, Brave වගේ chromium engine එකම තියෙන browsers වගේම non-chromium browsers වන Firefox, Safari වගේ ඒවත් මේ තරම් resources පාවිච්චි නොකරන නිසා.

Ad-Blocking සීමා සහිතයි

Google සමාගමේ පසුගිය වසරේ ආදායමෙන් 70% කටත් වඩා ලැබී තිබුණේ ads පෙන්නීමෙන්. Google එකට ads කොච්චර වටිනවද කියල එකෙන් තේරෙනවා ඇති නේ. ඒ හින්දම ඔවුන්ගේ web browser එකේ AdBlock වගේ extensions මගින් block කරන්න පුළුවන් ads ප්‍රමාණය සීමා කරලා තියෙන්නේ.

Chrome Mobile එකේ මේ වගේ adblock පහසුකමක් ඇත්තෙම නෑ.

ඒ වුණාට Opera, Brave, Edge වගේ chromium browsers සියලු ads block කරනවා වගේම අපේ web භාවිතය track කරන trackers පවා සම්පුර්ණයෙන් block කරනවා. එකෙන් පෞද්ගලිකත්වයත්, ආරක්ෂාවත් දෙකම රැකෙනවා.

පෞද්ගලිකත්වයක් තියෙනවද?

Chrome browser එකේ Incognito mode එකේදි දත්ත track කිරීමට බිලියන 5ක දඩයක්
ඔයාලට මතක ඇති අපි කලින් news කීපයක්ම ගෙනාවා Xiaomi එකෙන් එයාලගේ web browserඑකේදි incognito mode එකේදි උනත් අපේ data collect කරන සිද්ධියක් ගැන. ඒකට අදාලnews ටික පල්ලෙහා links වලින් බලන්න පුළුවන්. Xiaomi විසින් මිලියන ගණනකගේ ”පුද්ගලික” දත්ත record කරගැනීමක් හෙලිවේXiaomi සමාගමඉතාමත් වේගයෙන් ලෝකයේ ඉ…
Android පරිශීලකයන්ගේ අවසරයෙන් තොරව location track කිරීම හේතුවෙන් Google වෙත කැලිෆෝනියා අධිකරණයෙනුත් නඩු පවරයි
Google සමාගමට user privacy එක ගැන චෝදනා එල්ල වෙන්න පටන් ගත්තෙ අද ඊයෙක ඉඳන් නෙමේ.ඉතින් පසුගිය අඟහරුවාදාත් (ජූලි 14) කැලිෆෝනියාවෙ, සැන් ජෝස් අධිකරණයේ දී එවැනිprivacy violation සම්බන්ධ නඩුවක් ගොනු කෙරුනා. මෙහි Google සමාගමට එල්ල උන චෝදනාවවූයේ smartphones වල සියලුම tracking options disable උනු අවස්ථා…

මේ වගේ පිට පිට වැටෙන නඩු තොගය හින්දම දැන් Google එකෙන්ම අපි ගැන එකතු කරන data ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් tools ලබා දෙනවා. ඒත් තවමත් ඔවුන්ට ගන්න පුළුවන් උපරිම data ප්‍රමාණය user කෙනෙක්ගෙන් ඔවුන් ලබා ගන්නවා.

මේ විදිහට ඔබ google account එකකට log වෙලා chrome එකෙන්ම web browse කරනවා නම්, ඒ email එක ගෑවුන හැම තැනකම තොරතුරු ඔවුන් අතට යන එක වලක්වන්න බෑ. විශේෂයෙන්ම Play Store එකෙන් වගේ malware app 1ක් තිබුනොත් ඇති ඒ email එක භාවිතා වුන හැම තැනකම login details පවා hacker කෙනෙක් අතට යන්න.

අලුත් Edge Browser එකේදී Microsoft එක අයින් කළ Google Services.

හොඳම Chromium Browser එකත් නෙමෙයි

Chromium Browsers, smooth වගේම භාවිතා කරන්නත් ලේසියි. කාලයක්ම හොඳම Chromium Browser එක වෙලා තිබුනේ Chrome තමයි. හැබැයි දැන් නම් ඒ කාලේ ඉවරයි.

හැබැයි ඒ කාලේ Chrome පාවිච්චි කරන්න ගත්ත අය ගොඩක් දෙනෙක් තාමත් chrome වලම එල්ලිලා ඉන්නවා. Chrome, එකතැනම ඉද්දි අනිත් browsers chrome පහු කරන දැන් ගොඩක් දුර ගිහින්.

Google වෙනුවට ආදේශකයක් තියෙනවද?
Google, අපි ගොඩක් දෙනෙක් පළමුවෙන්ම Web Search එකක් කරපු Website එක වෙන්න ඇති.Web Search සේවයක් අවශ්‍ය වෙන්නේ කෙලින්ම web page එකක URL එක නිවැරදිව type කර ඒවෙත පිවිසෙන්න අපි හැමෝටම බැරි නිසා. Google Search හි රාජකාරිය අපි දෙන සෙවුමටඅදාළ webpage නාමාවලියක් අපිට ඉදිරිපත් කරන එක. නමුත් මේ ලිපිය Sea…

හොඳ Browser එකක් හොයාගන්නේ කොහොමද?

පාවිච්චි කරලම තමයි. Chromium Browser එකකටම මාරු වුනොත් ලොකු වෙනසක් වුනත් දැනෙන එකක් නෑ. Microsoft Edge, Opera, Brave වගේ Chromium browsers PC, Mobile දෙකටම දාගෙන එකක් සතියක් විතර use කරලා බලන්න.

ආයේ chrome වලට මාරු වෙන්න හිතෙන්නෙත් නැති වෙයි.