Loading...
Night Time Data packages සම්බන්ධව ඇති ගැටළුව විසඳීමට TRCSLහි අවධානය

අද දිනයේ පැවති කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීයෙක් යොමු කල ප්‍රශ්නයට පිළිතුරැ ලෙස අමාත්‍ය උදය ගම්මන්පිල මහතා Day & Night Time Data පිළිබඳව විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව සදහන් කරනු ලැබුවා.

මෙහිදි එම මාධ්‍යවේදීයා විසින්, භාවිතයට නොගන්නා Night Time Data සදහාද පාරිභෝගිකයාගෙන් වැඩිපුර මුදලක් අන්තර්ජාල සේවා සපයන ආයතනය විසින් අයකරන බවත්, මේ පිළිබඳව විධිමත් විසදුමක් තිබේද යන්න අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියා.

මේ සදහා පිළිතුරැ ලෙස උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරේ දහවල් කාලයේ අන්තර්ජාලයේ පවතින තදබදය අවම කර ගැනීම සදහා පාරිභෝගිකයා පෙළඹවීමේ අරමුණින් මෙලෙස Day Time හා Night Time ලෙස Data ප්‍රමාණයන් දෙකක් ලබා දෙන බවයි.

එමෙන්ම බොහෝ දෙනෙකු Night Time Data භාවිතයට නොගන්නා අතරම, ඒ සදහා මුදල් ගෙවිමක් ද සිදු කරනවා. අමාත්‍යවරයා පවසා සිටියේ මේ ගැටලුවට ප්‍රයෝගික විසදුමක් ලබා දිමට මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු වි ඇති බවයි.

එමෙන්ම පසුගිය කාලයේ දි දිගින් දිගටම රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා Night Time Dataවලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබි ඇති බවත්, මේ නිසා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු වි ඇති බවත්, ඉදිරියේදි මේ සදහා ප්‍රායෝගික විසදුමක් සෙවිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදි පැවසුවා.

පුවතට අදාලව වීඩියෝ දර්ශන සහිතව යාවත්කාලීන කර ඇත. දර්ශන අනුග්‍රහය NewshubLK YouTube Channel මඟිනි. අදදින කැබිනට් මාධ්‍ය ප්‍රකාශන වීඩියෝවෙන් අදාල කොටස පමණක් Trim කර පල කර ඇත. මුළු වීඩියෝව මෙතනින්

Source: Colombo Times, Colombo Gazette