Dialog සමාගම විසින් ඉදිරිපත් කර ඇති නවතම පසුගෙවුම් පැකේජ සදහා TRCSL හි අනුමැතිය හිමි වි තිබෙනවා.

මේ අනුව සාමාන්‍ය Post Paid Customersලා සදහා Bundle Plans 08 ක් හදුන්වා දි තිබෙනවා. ඒ රු 458.00 සිට රු 3744.00 දක්වා පැකේජයන් විදිහට. මේ පැකේජයන් 08 අතුරින් රු 1171.00 සිට ඉහලට ඇති පැකේජයන් 06ම On Net Unlimited Calls & Smsවලින් සමන්විත වෙනවා. ඒ වගේම මේ පැකේජයන් සියල්ලටම Any Time Data ප්‍රමාණයක් ද හිමි වෙනවා.

රාජ්‍ය සේවකයන් සදහා විශේෂ Data හා Voice පැකේජයන් රැසක් හදුන්වා දි තිබෙනවා.
Data පැකේජයන් රු 225.00 සිට රු 15000.00 දක්වා විවිධ Data ප්‍රමාණයන්ගෙන් යුතු පැකේජයන් ලබා දිලා තිබෙනවා. Voice පැකේජයන් රු 328.00 සිට රු 2068.00 දක්වා විවිධ මිනිත්තු ප්‍රමාණයන්ගෙන් යුතුව ලබා දි තිබෙනවා.

Sources : TRCSL