Loading...
NROL-82 : ULA තවත් රාජ්‍ය රහස් මෙහෙයුමක් සිදු කරයි

ඇමරිකානු රජයට සම්බන්ධ National Reconnaissance Office (NRO) එකේ අලුත්ම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යවපු මිෂන් එක තමයි NROL-82 කියන්නේ.

මේ චන්ද්‍රිකාව 'රහස් මෙහෙයුමක්' වුණත්, මේ වෙනකොට චන්ද්‍රිකා නිරීක්ෂණය කරන ස්වාධීන පුද්ගලයන් සඳහන් කරන විදියට නම් මෙය KH-11 Crystal 18 නමැති පිරික්සුම් චන්ද්‍රිකාව වෙන්න ඕනේ කියලයි කියන්නේ.

චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ වගකීම භාර වුණේ United Launch Alliance (ULA) එකේ තියෙන බලවත්ම ලෝන්ච් වෙහිකල් එක වෙන Delta IV Heavy රොකට් එකට.

උස මීටර් 72 ක් සහ ස්කන්ධය ටොන් 733 ක් වෙන Delta IV Heavy රොකට් එක RS-68A එන්ජින් තියෙන සයිඩ් බූස්ටර්ස් දෙකක්, RS-68A එන්ජින් එකක් තියෙන ෆර්ස්ට් ස්ටේජ් එකක් සහ RL10-B-2 එන්ජින් එකක් තියෙන සෙකන්ඩ් ස්ටේජ් එකකින් සමන්විත වෙනවා. රොකට් එක ඉන්ධන ලෙස පාවිච්චි කරන්නේ LH2 (ද්‍රව හයිඩ්‍රජන්) සහ LOX (ද්‍රව ඔක්සිජන්).

රොකට් එක ලෝන්ච් වුණේ ඇමරිකාවේ කැලිෆෝර්නියා හි Vandenberg Air Force Base එකේ SLC-6 ලෝන්ච් පෑඩ් එකෙන්. ඒ 2021 අප්‍රේල් 26 වෙනිදා ග්‍රිනිච් වේලාවෙන් ප.ව. 8.47 ට (ශ්‍රී ලංකා වේලාවෙන් 2021 අප්‍රේල් 27 වෙනිදා පෙ.ව. 2.17 ට).

මේ රොකට් එකේ කිසිම කොටසක් නැවත පාවිච්චි කිරීමක් වෙන්නේ නැහැ. එම පෘථිවියට එද්දී විනාශ වෙනවා. එක මිෂන් එකකට වැය වෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 ක්.

මෙය 'රහස් මෙහෙයුමක්' නිසාම චන්ද්‍රිකාවේ කක්ෂය පවා එලියට දුන්නේ නැහැ. ඒත් මේ වෙනකොට චන්ද්‍රිකා නිරීක්ෂණය කරන ස්වාධීන පුද්ගලයන් සඳහන් කරන විදියට නම් මෙය අංශක 98 ක ආනතියක් සහිත කිලෝමීටර 525 x 760 ක කක්ෂයක ගමන් කරනවා කියලයි කියන්නේ.

NROL-82 මිෂන් එකට අදාලව නිකුත් කරපු මිෂන් පැච් එක (ලොගෝ එක) ගැනත් සඳහන් කරන්න ඕනේ.

ලොගෝ එකේ ඉන්න රාජාලියා විසින් නිදහස සංකේතවත් කරනවා. රාජාලියා ඇඳන් ඉන්නේ ඇමරිකානු ගුවන් හමුදා ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් වෙන Gregory “Pappy” Boyington ගේ යුනිෆෝර්ම් එක. පිටපස්සෙන් තියෙනවා එයා එළවපු ගුවන් යානය වුණ F4U Corsair ගුවන් යානයේ රූපයකුත්.

මේ රොකට් එකේ ෆර්ස්ට් ස්ටේජ් එකේ හරි අපූරු දේවල් දෙකක් සටහන් කරලා තිබුණා.

එකක් තමයි කොවිඩ්-19 න් මිනිස්සු බේරගන්න කැපවෙන සෞඛ්‍ය අංශයේ අයට උත්තමාචාර දක්වමින් සටහන් වුණ "Salute to our front-line medical workers! In harm's way to keep us healthy while we fight to keep America safe" සටහන.

අනිත් එක තමයි NRO එකේ විශේෂ මෙහෙයක් කරපු, මෑතකදී මිය ගිය දෙන්නෙක් වෙන Lisa Wilson සහ Ross Kobayashi සිහි කරමින් සටහ වුණ "NRO Remembers Lisa Wilson and Ross Kobayashi. Fight On! Forever" සටහන.

මේ NROL-82 මිෂන් එක,

  • 143 වෙනි ULA මිෂන් එක.
  • ULA එක විසින් ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරපු 90 වෙනි මිෂන් එක.
  • ULA එක විසින් NRO එකත් එක්ක කරපු 31 වෙනි මිෂන් එක.
  • 386 වෙනි Delta මිෂන් එක.
  • 13 වෙනි Delta IV Heavy මිෂන් එක.
  • NRO එකත් එක්ක කරපු 9 වෙනි Delta IV Heavy මිෂන් එක.