Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 14 Series එකේ Pro සහ pro Max Devices සමග හදුන්වා දුන් Dynamic Island විශේෂාංගය Android Smart Phones සමාගම්වලද අවධානය එවැනි විශේෂාංගයක් කෙරෙහි යොමු කරවිමට තරම් හේතු වු බව ඔබ සැම දන්නා කරැණක් වනවා. මීට අමතරව ඔබට මතක ඇති Android Smart Phones සදහා මෙම විශේෂාංග ලබා ගත හැකි පරිදි Jawoma නැමැති මෘදුකාංගය ඉංජිනේරුවරයෙකු විසින් නිකුත් කරන ලද Dynamic Spot නම් යෙදවුමට මිලියනයකට වඩා වැඩි Downloads ප්‍රමාණයක් ලැබුණ බවටත් අප වාර්තා කරනු ලැබුවා.
Hey #FutureSquad!
— Steve H.McFly (@OnLeaks) February 22, 2023
Remember when I claimed #Android phones manufacturers will mimic #Apple's #DynamicIsland?...
Well, today, I can confirm #Realme will soon unveil its own Dynamic Island feature...😏
This exclusive comes on behalf of @Smartprix 👉🏻https://t.co/g3cp98wcdz pic.twitter.com/3u8NkzR25U
ඒ වගේම මීට පෙර අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා Realme සමාගමත් ඔවුන්ගේ පාරිභෝගිකයන් සදහා මෙම විශේෂාංග ඔවුන්ගේම ආකාරයට ලබා දීම සදහා කටයුතු කරමින් සිටින බව. මෙලෙස Realme Mini Capsule නමින් ලබා දිමට නියමිතව තිබෙන මෙම විශේෂාංගය Realme UI 4.0 Version එක සමගින් දැක්වෙන ඡායාරූපයක් Twitter තුළ හුවමාරු වෙමින් තිබෙන අතර එහි දැක්වෙන ආකාරයට ඉදිරියේදි Realme සමාගම විසින් නිකුත් කිරිමට නියමිත C Series එකේ Realme C55 Smart Phone එකත් සමග වෙළෙඳපොළට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Source: gizmochina.com