Loading...
MIUI 12හි ඇති දෝෂයන් නිරාකරණය කිරීමට Xiaomi සමාගම පියවර නොගන්නේ යැයි පරිශීලකයන් චෝදනා කරයි

Xiaomi කියන්නෙ මේ වෙද්දි ලංකාව ඇතුලු මුලු ලෝකයෙම බොහොම ඉක්මනට ජනප්‍රියත්වයට පත්වුණ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක්. ඒ වගේම Xiaomi සමාගම මේ වසරේ පළමු කාර්තුවෙදි යුරෝපීය වෙළඳපොළේ Apple සමාගම අභිබවා යන්නත් සමත් වෙනව.

ඉතින් මේ විදියට බොහොම ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වෙන්න හේතුව අඩු මුදලට වැඩි පහසුකම් සහිත ජංගම දුරකථන ලබාදීම විතරක්ම නෙමෙයි. Xiaomi සමාගම එයාලගෙ Smartphones වල Build Quality එක, Hardware වගේම Camera එක ගැනත් ගොඩක් ලොකු අවධානයක් ලබාදෙනවා. ඒ වගේම Xiaomi එයාලගෙ Software Side එක හොඳ තත්ත්වෙකට අරගන්න තවමත් උත්සාහ කරනව.

කොහොම උනත් Software Side එකෙන් නම් එච්චර සෑහීමකට පත්වෙන්න බැහැ. Xiaomi සමාගමට අයත් Android Skin එක වෙන MIUI 12 මේ වෙද්දිත් ගොඩක් දෝෂ සහගතයි. ඒ වගේම ගොඩක් ගැටලු බලාගන්න පුලුවන්. වාර්තාවෙන විදියට මේ Software ගැටලු නිසා ගොඩක් අය Xiaomi Smartphones අලෙවියට පෙළබෙන්නෙ නැහැ.

ඉතින් වාර්තාවෙන විදියට Xiaomi ජංගම දුරකථන වල ඇතිවෙන Software ගැටලු, ඉන් ඉදිරියට ලැබෙන Updates හරහා වත් Fix වෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට Xiaomi Mi 9T සහ Mi 9T Pro පාරිභෝගිකයන් චෝදනා කරනව Dark Mode වලදි Display Icons වැරදියට පෙන්නන බව. එ වගේම වීඩියෝස් නැරඹීමේදී තිරය කලු පැහැති වීම (Black Screen) Games Play කරන අතරතුරදි Freeze වීම, Lock Screen එකෙහි Animation දෝෂ, එක්වරම Restart වීම, WhatsApp හිදී Sound ගැටලු හා Text පෙන්වීමේ දෝෂ ගැනත් මෙයාල චෝදනා කරනව.

එ වගේම MIUI 12 Update එකෙන් පසුව Poco M3 Smartphones නැවත On කරගන්න නොහැකි වුන බවට Poco M3 පාරිභෝගිකයන් චෝදනා කරනව. ඒ වගේම Redmi Note 9s සහ Note 9 Pro ජංගම දුරකථන එක්වරම On කරගැනීමට නොහැකි වෙන ගැටලුව තවමත් පවතින බවට ඒ පාරිභෝගිකයන් චෝදනා කරනවා. එ වගේම සමහර Note 8 ජංගම දුරකථන තුළ Sound ගැටලු ඇති බවට අතැම් පාරිභෝගිකයන් චෝදනා කරනවා. වාර්තා වෙන විදියට Poco F2 Pro, Poco F1, Xiaomi Mi 10 Pro,  Redmi Note 5/Note 5 Pro ජංගම දුරකථනයන්හි ඇති Software Smooth නැහැ.

ඉතින් මේ ඇතිවුන ගැටලු ගැන පාරිභෝගිකයින් දිගින් දිගටම චෝදනා කළත් පසුව නිකුත් කළ MIUI 12 හරහා හෝ එම ඇතිවුන ගැටලු නිවැරදි කරන්න Xiaomi සමාගම උත්සාහ අරගෙන නැහැ. Redmi, Xiaomi, Poco ජංගම දුරකථන වල තවමත් ගොඩක් ගැටලු වාර්තා වෙනවා. ඒ වගේම සමහර ගැටලු Updates හරහා නිවැරදි කිරීමෙනුත් Xiaomi සමාගම ටිකක් ප්‍රසිද්ධයි. කොහොම නමුත් ඇතිවන ගැටලු මීට වඩා ඉක්මනින් නිවැරදි කරන්න පුලුවන් උනා නම් පාරිභෝගිකයන්ට ඒක ලොකු සහනයක්.

Source: GizChina