Loading...
Vivo තම OriginOS එක එළිදැක්වීමට කටයුතු කරයි; හොඳම features 5 ගැන

Vivo සමාගම විසින් ඔවුන්ගේ Smartphone සදහා වෙන නවතම Android OS එක වෙන OriginOS එක මේ වන විට එළිදැක්වා තිබෙනවා. OriginOS එක කියන්නේ Vivo Usersලාට නවතම User Experience එකක් ලබා ගත වෙන හැකි පරිදි ලෙස නිපදවා ඇති OS එකක් කියන්න පුළුවන්.

Vivo සමාගම විසින් වසරකට ආසන්න කාලයක් මේ OS පිළිබඳව පර්යේෂණ කරමින් වැඩි දියුණු කර අවසානයේ මෙලෙස OriginOS එක නිකුත් කර තිබෙනවා. ඔවුන් මේ සදහා Origin Studio එකක් පිහිටවු අතර මේ OS එකේ Design, Smoothness හා Convenience පිළිබඳව ඔවුන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

01. Klotski Grid‌‌

මේ OS එක තුලින් Home Screen එකට නව Grid-based Design එකක් හදුන්වා දි තිබෙනවා. මෙය ජපන් Puzzle game එකක් වෙන Klotski grid මත පදනම් වි නිර්මාණය කර තිබෙනවා. මේ UI එකේ දි විවිධ ප්‍රමාණයේ Icon Shapes (1 x 1, 1 x 2, 2 x 3) කිහිපයක් තෝරා ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා. මේ Design එක Windows 10 Start Menu Grid එක මෙන් අපිට දැක ගන්න පුළුවන්.

OriginOS එක මගින් අපිට අවශ්‍ය ආකාරයට Home Screen Design එක වෙනස් කිරිමට අවස්ථාව ලබා දි තිබෙනවා. මේ සමග ඇති Icons හා Nano Cards මගින් Modern Look එකක් Home Screen එකට ලබා දෙනවා. කෙසේ වෙතත් මේ Icon functionality එකේ අපිට iOS 14 Design එකට සමානතාවයක් දකින්න පුළුවන්.

02. Nano Alerts‌‌

Nano alerts මගින් අපිට App එකක් Open කිරිමකින් තොරව ඒ App එකේ Key Information ඒ ඒ වේලාවල්වලදිම App Card එක මගින් බලා ගැනිමට හැකියාව ලැබෙනවා.

මේ අනුව අපිට Apps Open කිරිමකින් තොරව Weather Alerts, Alarm, Note වැනි දේවල් බැලිමේ හැකියාව පවතිනවා. ඒ වගේම App Card හෝ Apps Long press කිරිම තුලින් ඒ ඒ Apps සදහා විශේෂිතම වු Features ලබා ගැනිමට පුළුවන්.

03. Navigation Gestures

‌‌Navigation Gestures කියන්නේ අපේ වැඩ පහසු කර ගැනිමට භාවිත කරන්න පුළුවන් Feature එකක්. මේ OriginOS එකත් සමග අපිට අවශ්‍ය විදිහට මේ Gestures customize කර ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා.

මේ මගින් Navigation combinations 26 ලබා දි තිබෙනවා. ඒ වගේම මේ සියල්ල අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකිත් වෙනවා.

04. Parallel World‌‌

අපි අපේ මුල් ලිපිවල සදහන් කරා වගේම මේ OriginOS එක භාවිත කරන්නන් හට වුවද ඕනැම අවස්ථාවක Standard Android UI එක හෝ මේ නව Grid-based UI එක අතර මාරැ විය හැකි වෙනවා. ඒ කියන්නේ මේ OriginOS එක සමගින් වුවද ඔබට අවශ්‍ය නම් FuntouchOS එකේ Experience එක ලබා ගැනිමේ හැකියාව පවතිනවා. ඒ වගේම ⁣මෙලෙම UI අතර මාරැ විමේ දි සැම UI එකකටම අදාලව ඔබ විසින් සිදු කරන ලද සැම වෙනස්කමක්ම Save වි පවතිනවා.

05. OriginOS Card Package‌‌

OriginOS Card Package හරහා Vivo Smartphone Usersලාට ඔවුන්ගේ Payment කටයුතු සිදු කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා. මේ හරහා ඔවුන් ඔබගේ Favorite payment options ගෙවිම් සිදු කල යුතු අවස්ථාවලදි පෙන්විමට කටයුතු කරනවා.

OriginOS එක නිල වශයෙන් එළිදැක්වුවත් තවමත් මේ OS එක ලබා දිමට බලාපොරොත්තු වෙන Vivo Devices මොනවාදැයි හෝ OS Update එක ලබා දිමට නියමිත කාලවකවානුවක් පිළිබඳව තොරතුරු පල කර නැ. ඉදිරි සති කිහිපය තුල මේ පිළිබඳව නිල තොරතුරු බලාපොරොත්තු විය හැකි වෙනවා.

Sources : Beebom