ඊයේ අපි මේ bug එක ගැන පළකරපු article එකේ දී (31/05/2020) සඳහන් කරා තවම ඒකට හේතුව හෝ විසඳුමක් නෑ කියල. හැබැයි දැන් නම් හේතුවත්, විසඳුම් කීපයකුත් නිකුත් වෙලා තියෙනවා.

9to5 website එකේ Dylan Rousell ට අනුව මේ bug එකට හේතුව මේ photo එකේ colour profile එක සමහර Android version විසින් support නොකිරීම.
After digging into getHistogram for both devices, and the functions calling getHistogram... I noticed this.
— Dylan Roussel (@evowizz) May 31, 2020
The first image is from the Pixel 3 XL, while the second is from the Pixel 4 XL.
On the Pixel 4 XL, there's a new parameter for the function peekWallpaperBitmap. pic.twitter.com/gKaRz8fUEv
Android වල native වම support කරන්නේ sRGB කියන colour mode එක. හැබැයි මේ photo එකේ colour mode එක RGB. Custom ROM maker Davide Bianco ට අනුව ඒ photo එකේ Y variable අගය (මේ කියන්නේ YUV color mode එක ගැන ද කියල සඳහනක් නෑ) එක 256 ට වැඩි. Variable values 256 ට අඩු වෙන්න ඕනේ. ඉතින් මේක histogram එකක graph කරන්න බෑ. Dylan ට අනුව මේ error එක පටන් ගන්නෙත් "getHistogram" කියන function එක call කරද්දී.
ඉතින් සමහර Android versions වලට මේ RGB colour Space handle කරන්න බෑ. Photo එක gallery එකේදී පෙන්නුවත් Wallpaper එක විදිහට set කරද්දී execute වෙන code වලින් phone එක bootloop එකකට යනවා. ඒ කියන්නේ soft-brick වෙනවා.
නමුත් Android 11 phones වලදී මේක වෙන්නේ නෑ කියල Dylan කියනවා. මොකද support නැති Colour Mode එකක් තියෙන photo එකක් හම්බුනොත් Android 11 ඒක ඉබේම sRGB වලින් replace කරගන්නවා. හැබැයි Android 10 වල මෙහෙම mechanism එකක් නෑ. ඉතින් SysUI එක crash වෙනවා.
... if the current display supports it. If it isn't supported, it will replace the Color Space of the image to SRGB, and it will log its current Color Space.
— Dylan Roussel (@evowizz) May 31, 2020
This is why it doesn't crash on the Pixel 4 XL. However, on the Pixel 3 XL with Android 10...
Android 10 වලට original ආපු display engine එක නැතිව තමන්ගේම display engine භාවිතා කරන phone වලටත් මේ bug එක බලපාල නෑ. උදාහරණයක් විදිහට MIUI හා Oxygen OS run වෙන Xiaomi, OnePlus වගේ phone වලට මේකෙන් බලපෑමක් නෑ.
වැඩිම බලපෑමක් තියෙන්නේ Android 10 run වෙන Samsung, Pixel වගේ phone වලට.
විසඳුම්
තමන්ගේ phone එකට අදාළ විදිහට Safe Mode ගිහින් Wallpaper එක මාරු කරන්න සමහරුන්ට පුළුවන් වෙලා තියෙනවා.
ඒ වගේම සමහර phones automatically default wallpaper එකට restart වෙලා තියෙනවා.
Custom ROM තියෙන අය නම් Custom Recovery app එකෙන් Wallpaper reset කරගෙන තියෙනවා.
Custom ROM තියෙන අයට තවත් patches දෙකක් මේ link වලින් බලන්න පුළුවන්. Link1 Link2
සමහරු නම් Reset කරලා තමයි phone එක බේරාගෙන තියෙන්නේ.
සැලකිය යුතු කරුණක් තමයි මේ හැම දෙයක්ම සාමාන්‍ය phone users ල කියන දේවල්. තවම Google, Samsung හෝ කිසිම phone maker කෙනෙක් මේ ගැන official statement එකක් දීලා නෑ.
ඒ වගේම Ice universe සඳහන් කරලා තිබුනා Samsung ට මේ ගැන feedback එකක් මැයි මාසෙම ලැබුන බවත්, දැන් firmware update එකක් එවනකන් ඉන්න කියලත්.
මොකද මේක මේ photo එකට විතරක් අදාළ bug එකක් නෙමෙයි. ඒ photo එකේ තියෙන colour profile එකක් සහිත ඕනෑම photo එකක් wallpaper set කිරීමෙන් මේ bug එක එන්න පුළුවන්.
ඒ හින්ද දැන් අලුත් wallpaper එකක් දානකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. හොඳම දේ තමයි එකේ screenshot එකක් අරගෙන ඒක දාන එක.