අවවාදයයි!මේ bug එක බරපතල ගැටළුවක් බැවින් අවධානයෙන් කටයුතු කරන්න.
ටිකක් වෙනස් හැබැයි භයානක Android bug එකක් ගැනයි මේ.
ඒ තමයි, ඉහත තියෙන photo එක android phone එකේ wallpaper එකට දාපු ගමන් phone එක crash වෙලා boot වෙන්න බැරි වෙනවා.
මේ ගැන ඉස්සල්ලම කිව්වේ twitter එකේ ප්‍රසිද්ධ leaker කෙනෙක් වන IceUniverse විසින්. එහිදී බොහෝ දෙනෙක් තහවුරු කරලා තියෙනවා, තමන්ගේ devices වලටත් මේ දේ වුණා කියන එක.
WARNING!!!
— Ice universe (@UniverseIce) May 31, 2020
Never set this picture as wallpaper, especially for Samsung mobile phone users!
It will cause your phone to crash!
Don't try it!
If someone sends you this picture, please ignore it. pic.twitter.com/rVbozJdhkL

නමුත් තමන්ගේ Mate 20 Pro smartphone එකට නම් මේකෙන් බලපෑමක් නැති බව Android Authority වෙබ් අඩවියේ Bogdan Petrovan කියලා තිබුණා.
Twitter user කෙනෙක් වෙන Sebastian කියලා තිබුනේ Android Studio emulator එකේ දී පවා මේ wallpaper එක ප්‍රශ්න ඇති කරන බවයි.

ඇතැම් අයට
- Safe Mode
- Camera එක open කර
- Photo එකක් ගෙන
- එය Homescreen හා Lockscreen සෙට් කිරීම
- Restart කිරීම
මගින් මෙය විසඳුනු බව කියා තිබුනා.

කෙසේ හෝ තවම කව්රුත් මේකට හේතුව හෝ මේ bug එක බලපෑ බොහෝ devices Factory Reset නොකර බේරගන්න ක්‍රමයක් දක්වා නෑ.
එතෙක් වගකීම් සහගත පුද්ගලයෙක් ලෙස ඔබ මේ ගැන අනෙක් අයට දැනුම් දීමටත් මෙහි original photo එක share නොකිරීමටත් වග බලාගන්න. මොකද යමෙකුගේ phone එකේ ඔහුට/ඇයට මිල කල නොහැකි දේවල් තිබෙන්න පුළුවන්.
ඒ වගේම මේක හැමෝටම බලපාලා තිබ්බෙත් නෑ.
පහතින් මේ සිද්ධියට මුහුණ පෑ තවත් ජංගම දුරකථන හිමියන්ගේ Tweets ඔබට නැරඹිය හැක.
— ? (@abdalla_moneer1) May 31, 2020
@UniverseIce This is an android issue sadly is affecting also google pixels as well pic.twitter.com/HZTtogLfwB
— Sebastian (@seb3153) May 31, 2020
Logs about the issue fix it @Google @googledevs @google @madebygoogle @Android @AndroidDev pic.twitter.com/jhvaRFXjRt
— Sebastian (@seb3153) May 31, 2020
ඇත්තටම අවධානමක ගන්න කැමති අය ඉන්නව නම් පල්ලෙහා ලින්ක් එකෙන් මේ ඉමේජ් එක අරගෙන බලන්න පුලුවන්. ඒත් අපි නම් අනුමත කරන්නේ නෑ සහ සිදුවන හානි වලට අපි වගකියන්නෙත් නෑ
https://drive.google.com/file/d/11rxzYvPcIOh_8GvS4XSC3YtbW3CecE-O/view
Source - Android Authority | IceUniverse on Twitter