Loading...
සඳ මතට මිනිසුන් ගෙනයාමට Elon Musk හදන ලෝකයේ බලවත්ම launching vehicle එක Starship

සඳ සහ අඟහරු වෙත මිනිසුන් රැගෙන යාමේ අරමුණින් SpaceX පටන් ගත්තු ප්‍රොජෙක්ට් එක තමයි Starship කියන්නේ.

Starship spacecraft එකයි Super Heavy rocket එකයි දෙකේම එකතුවකින් නිර්මාණය වෙන Starship එකේ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න SpaceX එක කටයුතු කරන්නේ Covid-19 වලින් මුළු ලෝකෙම අවුල් ජාලාවක් වෙලා තියෙන පසුබිමකයි.

Starship එක හදලා ඉවර වුනාම එය ලෝකයේ බලවත්ම "ලෝන්ච් වෙහිකල්" එක වේවි. Starship එකට අරන් යන්න පුළුවන් වෙනවලු මෙට්‍රික් ටොන් 100 ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 100,000 ක්.

අවසාන Starship එක හැදෙන දවස තව අවුරුදු කීපයක් වුනත්, එකට දැන් ඉඳන්ම ලෑස්ති වෙන SpaceX එක 2012 ඉඳන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරත් පළමු ටෙස්ට් ෆ්ලයිට් එක සිදු කරන්නේ 2019 අප්‍රේල් 5 ටෙස්ට් කරන Starhopper එකත් එක්ක.

ඒකේ අලුත්ම කතාව තමයි SN8 ටෙස්ට් එක. මුල් වරට කිලෝමීටර 12.5 ක ගමනක් සිදු කරපු පළමු Starship ටෙස්ට් ෆ්ලයිට් එක විදියට මේක SpaceX ඉතිහාසයේ ලියවේවි.

Starship SN8 එක ශ්‍රී ලංකා වේලාවෙන් 2020 දෙසැම්බර් 10 දින පෙ.ව. 4.15 ට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ බොක චිකා (Boca Chica) නගරයේ පිහිටි SpaceX ලෝන්ච් පෑඩ් එකකින් තම ගමන ආරම්භ කළා.

ද්‍රව මීතේන් ඉන්ධනය ලෙසත්, ද්‍රව ඔක්සිජන් ඔක්සිකාරකය ලෙසත් භාවිත වුණ රැප්ටර් එන්ජින් තුනක් තමයි මීටර් 50 ක් (අඩි 160 ක්) උස මේ SN8 ඉහළට ගෙනියන වැඩේ කලේ. මේ රැප්ටර් එන්ජින් එකක බලය බෝයින්ග් 747 ප්ලේන් එන්ජින් එකක් වගේ 6 ගුණයක් විතර වෙනවා.

කිලෝමීටර 12.5 ක් ඉහලට යන ගමනේ විශේෂයෙන්ම වුණේ මේ රැප්ටර් එන්ජින් වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා වුණ එක. එන්ජින් තුන එකින් එක ඕෆ් වෙවී සම්පූර්ණයෙන් එන්ජින් කට්-ඕෆ් එක වුණේ SN8 එක උපරිම උසට ළඟා වුනයින් පස්සෙයි. ෆ්ලයිට් ප්ලෑන් එක එලියට දීලා තිබ්බේ නැති නිසා මේ එන්ජින් ෂට්ඩවුන් වැඩේ ගොඩක් අය හිතුවේ එන්ජින් වල අවුලක් ආවා කියලයි.

එන්ජින් කට්-ඕෆ් එකත් එක්ක පෘථිවි ගුරුත්වය යටතේ නිදහසේ පහලට වැටෙන වැඩේ තමයි මේකේ ඊළඟ විශේෂ දේ වුණේ. Skydiving / Belly Flop වගේ නම්වලින් හඳුන්වපු මේ අවස්ථාව බලන් ඉන්න හරි අපූරු දෙයක් වුනා.සාර්ථක Skydiving එකක් එක්ක නැවතත් ලෝන්ච් පෑඩ් එකට බස්සන්න හිතාගෙන නැවත එන්ජින් ඔන් කරද්දී තමයි පොඩි ප්‍රශ්නයක් ආවේ.

මෙච්චර වෙලා තිරස් අතට තිබ්බ Starship එක නැවත සිරස් අතට පත් කරද්දී ප්‍රධාන ඉන්ධන ටැංකි ඇතුලේ ඉන්ධන වල වෙන චලනය නිසා ඒවා පාවිච්චිය කරදරකාරී වැඩක් නිසා මේ වැඩේටම කියලා තව පොඩි ටැංකි දෙකක් Starship එක ඇතුළේ නිර්මාණය කරන්න SpaceX තීරණය කළා. ඒවාට කියන්නේ header tanks කියලා.ඒත් මේ වැඩේදී හිතුව තරම් ප්‍රෙෂර් එකකින් header tanks ඉඳන් ඉන්ධන ගලා යාමක් නොවුන නිසා එන්ජින් දහනය හරියට වුණේ නැහැ.

ඒ නිසාම SN8 එක හරි තැනට ස්ථානගත කරගත්තත් වේගය පාලනය කරගන්න බැරිව පිපිරීමකට ලක් වුණා.පිපිරීම ගැන දැකපු ප්‍රධාන මාධ්‍යයන් කිහිපයක් මෙය 'අසාර්ථක උත්සහයක්' හැටියට කියන්න හැදුවත්, අභ්‍යවකාශ ගවේෂණය, විද්‍යාව සහ සාමාන්‍ය දැනීම තියෙන මිනිස්සු මේ ගැන යම් අවබෝධයක හිටිය නිසා මේ ටෙස්ට් ෆ්ලයිට් එකට ලැබෙන්න ඕනේ තැන ලැබුනා. මෙය 'අති සාර්ථක උත්සහයක්' හැටියටයි ඉතිහාසගත වෙන්නේ.

SpaceX නිර්මාතෘ ඊලෝන් මස්ක් අද ප්‍රකාශ කළා SN9 එකේ ලෝන්ච් එක එළඹෙන සඳුදා කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. ඒ නිවේදනය ලෝකෙම මවිත කරපු පුවතක් වුනා. මොකද ගොඩක් අය හිතුවේ SN8 එකේ සාර්ථකත්වයත් එක්ක 2021 ජනවාරිම SN9 එකත් ටෙස්ට් කරයි කියලා. ඒත් කවුරුත් හිතුවේ නැහැ එක මෙච්චර ඉක්මනට වෙයි කියලා.

එහෙනම් දෙසැම්බර් 14 වෙනිදා SN9 ටෙස්ට් ෆ්ලයිට් එකත් එක්ක නැවත හමුවෙමු.

මම SN8 එක ගැන හදපු වීඩියෝ එක ඇති පහලින්. ඒකත් බලන්න.