Loading...
මොකක්ද මේ Bluetooth කියන්නේ

අනිවාර්යයෙන් අපි හැමෝම භාවිතා කරල තියෙන Feature එකක් තමයි මේක. Keypad Phone වල ඉදන් Smart Phone වෙකන්ම මේ තාක්ෂණය භාවිතා වෙනවා. ඒ වගේම දුරකථන සදහා පමණක් නෙවේ. අද වන විට මේ Bluetooth තාක්ෂණය භාවිතා නොවන තැනක් නැති තරම්.

ඇත්තටම මේ Bluetooth කියන්නේ මොකක්ද ?

සරලවම කියනව නම් මේක Device දෙකක් අතර දත්ත හුවමාරු කර ගැනිමට භාවිතා වන තාක්ෂණයක්. ඒ වගේම ඉතා කෙටි දුරක් තුල.‌‌ මෙහිදි UHF radio wave භාවිතයෙන් Device දෙකක් අතර දත්ත හුවමාරුව සිදුවනවා.

ඉතිහාසය ගැන කියනව නම් මේ සංකල්පයේ නිර්මාතෘ වෙන්නේ Jaap Haartsen මහතා. ඔහු Ericsson සමාගමේ සේවය කල අයෙක් වෙන⁣වා.

ගොඩක් Bluetooth Deviceවල උපරිම Connectivity Range එක වෙන්නේ අඩි 30ක් පමණ. හැබැයි ඉතින් මේ Range එක අපි අවට තියෙන දේවල් හා ඉන්න ස්ථානය අනුව වෙනස් වෙනවා.

මේ තාක්ෂණය Headphones, Wireless Mouse වගේම මෝටර් රථවල Sound System එක සදහාත් භාවිතා වෙනවා.

Bluetooth තාක්ෂණය ආරක්ෂා සහිතද ?

මුල් කාලිනව කිසිම ආරක්ෂක තර්ජනයක් නොමැති බව පැවසුනත්, පසුගිය කාලයේදි Bluetooth මගින් Device දෙකක් සම්බන්ධ වි පවතින විටදි පිටස්තර පුද්ගලයෙකුට එම දත්ත ලබාගැනීමට මෙන්ම එම Devices පාලනය කිරිමට හැකි වන බව සොයා ගනු ලැබුවා. ඒ Devices 02ක අතර Connection එක ආරක්ෂා කර ගැනිමට භාවිතා වන Encryption Keys මගින්ය. මෙලෙස සම්බන්ධතාවයේ දත්ත හා පාලනය ලබා ගැනිම Key Negotiation of Bluetooth (KNOB) ලෙසින් හඳුන්වනවා. ⁣පසුව මෙය යම් තරම් දුරට Devices නිෂ්පාදකයින් විසින් එවන ලද Security Update මගින් නිවරදි වුවා.

වර්තමානය වන විට මේ Bluetooth තාක්ෂණය මගින් Mobile Device දෙකක් Pair කිරිම මෙන්ම Earbuds, Car, Fridge, Tv, Speakers, Computers වගේම දැන් ගොඩක් උපකරණ Bluetooth තාක්ෂණය හරහා භාවිතා කරන්න පුලුවන්.

ඒ වගේම නියමිත සිමාව තුල පවතිනව නම්, කලින් Pair කරපු Device එකක් සමග Automatically Connect විමට පුලුවන් හැකියාව තියෙනවා.

මේවන විට Bluetooth 5.0 (2016) භාවිතා වන අතර මේ මගින් Bluetooth Devices වල Battery Life එක දිගුවිමක් සිදු වුනා. ඒ වගේම Transmission Range 200m දක්වා වැඩි වුණා. Bluetooth 5.0 සමග වෙළදපොලට ආපු මුල්ම Devices වෙන්නේ Galaxy S8, iPhone 8 & X.

මෙලෙස UHF Radio Wave භාවිතයෙන් Devices දෙකක් අතර දත්ත හුවමාරු කර ගැනීමට හැකි බව සොයා ගැනිමෙන් නිර්මාණය වු Bluetooth තාක්ෂණය අදවන විට විශාල පෙරලියක් තාක්ෂණික ලෝකය තුල සිදු කර ඇත. එමෙන්ම අද වන විට මෙය නැතුවම බැරි තාක්ෂණයක් වි හමාරයි.