Loading...
ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතා වන උකුසු ඇස; Hawk eye ගැන දැන ගනිමු

මේ වෙනකොට ලොව පුරා රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රික ලෝලීන් විශාල ප්‍රමාණයක් නරඹන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ භාවිතා වන එක් තාක්ෂනයක් පිළිබඳව තමයි අපි අද මේ කතා කරන්න යන්නේ. ඒ වගේම මේ තාක්ෂණය මේ වන විට ලොවපුරා පැවැත්වෙන සෑම ලීග් ක්‍රිකට් තරගාවලියකම මෙන්ම ශ්‍රී ලංකාවේදී තෙවන වරටත් පැවැත්වෙන Lanka Premier League තරගාවලියේදීත් මේ තාක්ෂණය භාවිත වනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වෙනකොට අනිවාර්යෙන්ම භාවිතා වන තාක්ෂණයක් තමයි Hawk eye කියන්නේ. Hawk eye තාක්ෂණය සැබැවිනම් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවුනු තාක්ෂණය​ක් වන අතර මෙය ටෙන්ස් සහ පාපන්දු ක්‍රීඩාවේදී පවා භාවිතා වන තාක්ෂණය​කි.

Hawk eye යන්නෙහි ස්මානය ව්‍යවහාර අරුත වන්නේ උකුසු ඇස යන්නය. ටෙලිවිෂණය හරහා ක්‍රිකට් තරඟ නරබන ඔබට නම් මෙය එතරම් නුහුරු දර්ශනයක් නොවෙයි. විශේෂයෙන්ම ඕවරයක් අවසානයේදී, පන්දු යොමු කරන්නා විසින් දැමූ පන්දු ගමන් කරන ආකාරය පෙන්වන ආකාරය මතක නම්, හයේ පහරක් එල්ල කල පසු එය කොපමණ දුරක් ගියාද යන්න පෙන්වන ආකාරය මතක නම්, පන්දුව පිතිකරුගේ පාදයේ වැදුනු විටෙක පිතිකරු පාදයෙන් විකට්ටුව හරස් නොකරානම් පන්දුව විකට්ටුවේ වැදී ඔහු දැවී යන්නේද නැද්ද යන්න පරීක්ෂා කරන ආකරය මතක නම්, අන්න ඒ තාක්ෂණය පිළිබඳව තමයි අපි අද කතා කරන්න යන්නේ.

Hawk eye කියන්නේ අති සංකීර්ණ මෙන්ම නවීන පද්ධතියක්. මෙහිදී සිදුවන්නේ ක්‍රිකට් පන්දුව ගමන් කරන ආකාරය ටෙලිවිෂන් කැමරා මගින් ලබා ගත් පසු එහි ගමන් මග විශ්ලේශණය කර එය ඩිජිටල් ක්‍රමයට නිරූපණය කිරීමයි. මේ ක්‍රමවේදයේදී පන්දුව ආ ගමන් මඟ කැමරාවෙන් පෙන්වූ පසු පන්දුවේ ඉතිරි චලනය විශේෂ ගණිතමය ආකාරයකට ගණනය කර එය එසැණින් රූප රාමුවකට ගැනීම සිදු වනවා. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේදී නරඹන්නාට නව අත්දැකීමක් එක කරනවාක් මෙන්ම ක්‍රීඩා විස්තර විචාරයේදී බව මේ වන විට බහුලව භාවිතා වනවා.

2001දී හදුන්වා දුන් Hawk Eye

Hawk eye තාක්ෂණය මුලින්ම ලොවට හදුන්වාදීම සිදු කරනු ලැබුවේ 2001 වර්ෂයේදීය. මෙය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ලෝක ප්‍රකට SIEMENS සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Rock Maner Research ආයතනයේ Paul Hawkins සහ David Sheriff යන ඉංජිනේරුවන් දෙදෙනා විසිනි. මෙයට Hawk eye යන නම භාවිතා වන්නේ Hawkinsගේ නම අනුවය.

Paul Hawkins

ඔවුන් දෙදෙනා මෙය සොයාගත් පසු මේ සඳහා එක්සත් රාජධානියේදී පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කලද පසුව එය ඉවත් කරගෙන Hawk Eye Innovations නමින් නව සමාගමක් පිහිටුවා ඒ යටතේ පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. මේ සඳ්අහා Sunset & Wine නම් ටෙලිවිෂන් නිෂ්පාදන සමාගමද හවුල් වී තිබෙනවා. 2011 වසරේ සිට මෙම තාක්ෂණය මුලුමුනනිම සෝනි සමාගම සතුවනවා.

මුල් වරට භාවිතා​ව

Hawk eye තාක්ෂණය මුල්වරට භාවිත කල එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඡායා රූපයක්, ESPN Cricket

Hawk eye තාක්ෂණය මුලින්ම භාවිතා කිරීමේ අවස්ථාව හිමිවන්නේ Channel 4 රූපවාහිනී නාලිකාවට වන අතර එය 2001 වර්ෂයේ අප්‍රේ​ල් මස 21 වන දින ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදා ගනු ලැබුවා. එහිදී මෙම තාක්ෂනය යොදා ගත්තේ පන්දුව ගමන් කරන ආකාරය නැවත ශක්වමින් රූපවාහිනී විස්තර විචාරය හරහා ප්‍රේක්ෂකයන්ට අසම සම අත්දැකීමක් ලබා දීමේ අරමුණිනි.

තෙවන විනිසුරුගේ සහයට Hawk eye​

දැවී යාමක් පරීක්ෂා කිරීම සඳහා තෙවන විනිසුරු විසින් Hawk Eye භාවිතා කරන ආකාර​ය

ඉන් පසුව 2008/2009 වර්ෂ වලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් මෙම තාක්ෂණය තෙවන විනිසුරුගේ විනිශ්චය සඳහාද යොදා ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරද හෙවත් LBW ආකාරයට දවා ගැනීමකදී දැවී යාමක් ලෙස දැක්වීම හෝ දැවි යාමක් නොවන ලෙස දැක්වීමකදී පිටියේ සිටින විනිසුරුගේ විනිශ්චය සම්බන්ධයෙන් එකගතාවයක් නොමැති විටකදී එය තෙවන විනිසුරුට යොමු කර නැවත පරික්ෂා කිරීම සඳහායි. එහිදී පන්දු යවන්නා විසින් පන්දුව යොමු කල පසුව පන්දුව පිතිකරුගේ පාදයේ නොවැදුනේ නම් එය විකට් එක කරා ඇදි යන්නේද සහ එහිදී විකට් ඉන්නේ ගැටෙන්නේද නොගැටෙන්නේද යන්න නිවැරදිව විනිශ්චය කරගැනීමේ හැකියාව හිමිවුනා.

​මෙම තාක්ෂණය යොදා ගැනීමට ප්‍රථම තෙවන විනිසුරු විසින් මෙවැනි අවස්ථාවකදී ඔහුගේ තීරණය ලබා දුන්නේ පන්දුව පාද​යේ වැදුනු ආකාරය පිලිබඳව නිරීක්ෂනය කිරීමෙනි. එහිදී නියමාකාරයෙන් පන්දුව විකට්ටුව වෙත ඇදී ගොස් එය දැවී යාමක් බවට පරිවර්තනය වන්නෙ නොවන්නේද යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීමේ හැකියාවක් නොතිබුණත් Hawk eye තාක්ෂණය ඔස්සේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වුනා.

දැවී යාමක් පරීක්ෂා කිරීමට පෙර පරීක්ෂා කරන කරුණු 3​ක්
මේ වන විට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමේදී තෙවන විනිසුරු විසින් තීරණය ලබා දීමට ප්‍රථමව Hawk eye භාවිතා කරමින් කරුණු තුනක් සලකා බලනු ලබනවා.

  1. පන්දුව පතිත වන එල්ලය
  2. පන්දුව පිතිකරුගේ පාදයේ වදින ස්ථානය
  3. පන්දුව පිතිකරුගේ පාදයෙ නොවැදුනේ නම් පන්දුව ගමන් කරන ආකාරය දැක්වෙන ගමන් මඟ

මේ කරුණු තුන විමසා බැලීමෙන් පසුව එය දැවී යාමක්ද නැද්ද යන්න පිළිබඳව තීරණය ලබා දීම සිදු කරනවා.

දැවී යාම් වලට පමණක් සීමා නොවුනු Hawk eye

මෙය හැරුණු කොට පන්දු යවන්නා පන්දුව යොමු කල පසු එය සැබෑ වේගයෙන් පෙන්වීමෙන් පසුව පන්දු යවන්නා විසින් යොමු කල පන්දු වල ගමන් මඟ සහ රටාව දැක්වීමටත් Hawk eye තාක්ෂණ​ය යොදා ගනු ලබනවා. මේ හරහා විස්තර විචාරයේදී පන්දු යවන්නා යොමු කල පන්දු වල සම්පූර්ණ වාර්තාවක් පවා විචාරය කිරීමට ක්‍රිකට් විස්තර විචාරයකයන්ට හිමි වී තිබෙනවා.

මෙම විශේෂතාවලට අමතරව පන්දුවක් යොමු කල වේගයත් ඒ වෙලෙම මැන ගැනීමේ හැකියාව Hawk eye හරහා හිමිවනවා.

ක්‍රිකට් වලට සීමා නොවුනු Hawk eye

ටෙනිස් ක්‍රීඩාවේදී Hawk eye භාවිතා වන ආකාර​ය

Hawk eye ප්‍රථමයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හදුන්වා දුන්නද 2006 වර්ෂයෙදී ටෙනිස් ක්‍රීඩාවටත්, 2011 වර්ෂයේදී එංගලන්ත පාපන්දු ලීග් තරඟාවලියකටත් යොදා ගැනීම සිදු කෙරුනා. එම ක්‍රීඩා දෙකේදීම ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගන්නා Hawk eye එකට වඩා වෙනස් කම් සිදු කරන්නට වූයේ ඒ ඒ ක්‍රීඩා වලට එම තාක්ෂණය භාවිතා කල යුතු ආකාරය එකිනෙකට වෙනස් වන බැවිනි.