Loading...
තම Beta පරිශීලකයන් සඳහා View Once පහසුකම ලබා දීමට WhatsApp කටයුතු කරයි

WhatsAppලා අන්තිමේදි හැමෝටම ඉතා ප්‍රයෝජනවත් වෙන විශේෂාංගයක් එළි දක්වලා තියෙනවා අද. පණිවුඩ යැවීම වඩාත් ආරක්ශිතව හා පුද්ගලික ලෙස යැවීමට උපකාර වන "View Once" පහසුකම තමයි ඔවුන් විසින් අද එළිදක්වලා තියෙන්නෙ.

මෙය WhatsApp Beta පරිශීලකයන්ට තමයි ලබා දීලා තියෙන්නෙ දැනට.

මොකක්ද මේ "View Once" කියන්නෙ?

අපි කලින් Article එකකදි මේ "View Once" පහසුකම ගැන දළ අදහසක් ලබා දුන්නා, ඒක මෙතනින් කියවන්න. මෙම Mode එක භාවිතයෙන් යවන ලද ඡායාරූප සහ වීඩියෝ නැරඹිය හැක්කේ එක් වරක් පමණක් වන අතර, ඔබ ඡායාරූපය හෝ වීඩියෝව වරක් බැහැර කළ පසු ඒවා Chat එකෙන් ස්වයංක්‍රීයවම අතුරුදහන් වේ.

Mark Zuckerberg සහ Will Cathcart විසින් WABetaInfo වෙත තහවුරු කළේ මෙම විශේෂාංගය ඉතා ඉක්මණින්ම WhatsApp වෙත පැමිණෙන බවයි. ඔන්න WhatsAppලා කිව්වා වගේම අවසානයේදි Android පරිශීලකයන් සඳහා WhatsApp හි මෙම අංගය එළිදක්වනු ලැබීම අද සිදු කලා.

ඔබගේ WhatsApp ගිණුම සඳහා මෙම විශේෂාංගය දැනටමත් සක්‍රීය කර ඇත්දැයි තහවුරු කරගන්නේ කෙසේද?

ඒක ඉතාමත් සරලයි. Media Files Share කිරීමේදී  "View Once" බොත්තමක් දිස් වේ නම් ඔබට මෙම විශේෂාංගය දැනටමත් සක්‍රිය වී තිබෙන බව දැකබලා ගත හැක.

ඔබ "View Once" විශේෂාංගය භාවිතා කරමින් ඡායාරූප සහ වීඩියෝ යවන විට, ඒවා නැරඹිය හැක්කේ එක් වරක් පමණක් වන අතර, ලබන්නා ඒවා විවෘත කළ විට ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනු ඇත.

ඡායාරූප සහ වීඩියෝ "View Once" Mode එකට සකසා ඇති විට, ඔබ එය එක් වරක් වසා දැමීමෙන් පසු Media Files ස්වයංක්‍රීයවම අතුරුදහන් වනු ලබයි.

"View Once" භාවිතා කරමින් ඡායාරූපයක් හෝ වීඩියෝවක් Share කරන විට ඔබ දැනගත යුතු දේවල්.

ඔබ Read Receipts අක්‍රිය කළහොත්, ඔබ ඡායාරූපයක් හෝ වීඩියෝ කට්ටලයක් "View Once" Mode එක හරහා විවෘත කර ඇත්දැයි ලබන්නාට තවමත් දිස්වනු ලබයි. නමුත් ලබන්නා ඔබ යැවූ Media Files විවෘත කළ බව ඔබට තවමත් නොපෙනේ. ඔබ Read Receipts අක්‍රීය කර තිබුණත් අනෙකුත් සහභාගිවන්නන් විසින් "View Once" ඡායාරූප විවෘත කරන විට Group එකක සිටියත් ඔබට එය දැක බලා ගත හැකිය.

ලබන්නාට ඔබ විසින් ඔහු වෙත යොමු කරන ඡායාරූප හෝ Videos වල Screenshots හෝ Screen Recordings ලබාගෙන මේ Files Save කර ගත හැකි අතර, WhatsApp සඳහා Screenshot Detection පහසුකමක්වත් නොමැති නිසා WhatsApp විසින් ඔබට මේ පිළිබඳව දැනුම් දෙන්නේ නැත. එම නිසා සංවේදී දේවල් යැවීමේදී ප්‍රවේශම් වන්න!

ඔබට මෙම "View Once" Mode එක භාවිතයෙන් Groups වෙතද Media Files Share කල හැකි අතර "Message Info" හරහා ඒවා විවෘත කළේ කවුරුන්ද යන්න ඔබට දැකගත හැකිය.

Common Groups වලදී ඔබ විසින් Block කරන ලද Contacts වලටද තවමත් එම ඡායාරූප සහ වීඩියෝ විවෘත කළ හැකි බව මතක තබා ගන්න (ඔබ සහ ඔබ විසින් Block කරන ලද Contacts සිටින Groups වලදි).

ඇත්ත වශයෙන්ම, ඔවුන්ට ඔබ වෙත පණිවිඩ යැවීමට හෝ ඔබ වෙත ඇමතුම් ලබා ගත නොහැකි නමුත් ඔවුන්ට හා ඔබට පොදු වූ Groups වලදී ඔවුන්ට ඔබ සමඟ සාමාන්‍ය ලෙස Chat කිරීම සිදු කළ හැකිය.

මෙම අංගය සක්‍රීය කර නොමැති පුද්ගලයින් වෙත ඔබ "View Once" Mode එක භාවිතා කරමින් ඡායාරූපයක් යවන්නේ නම්, එහි "View Once" Mode එක තවමත් ක්‍රියාත්මකව පවතින අතර ඔවුන්ට එය නැරඹිය හැක්කේ එක් වරක් පමණි.

සියලුම Android Beta පරීක්ෂකයින් සඳහා මෙම විශේෂාංගය අද දින ලබා ගත හැකි අතර ඔබට මෙම විශේෂාංගය නොපෙනේ නම්, කරුණාකර එම විශේෂාංගය ලබා ගැනීමට උපකාරී වන ඊළඟ Update එක පැමිණෙන තෙක් රැඳී සිටින්න.

Beta වැඩසටහනට සම්බන්ධ නොවූ අනෙක් අයට ලැබිය හැක්කේ එක් වරක් පමණක් බැලීමට සැකසූ ඡායාරූප සහ Videos පමණයි.

iOS Beta පරීක්ෂකයින් සඳහා මෙය Mode සක්‍රිය කිරීම පසුවට සිදු කෙරෙනු ඇත.

Source:- WABetaInfo, The Indian Express