Loading...
MIUI 13 සමඟ Android 12 සංස්කරණය ලැබෙන ජංගම දුරකතන ලැයිස්තුව නිල නොවන වශයෙන් නිකුත් වේ

Xiaomiලා එයාලගෙ Smartphones වල Android Operating System එක යාවත්කාලීන කිරීම කියන කාරණයෙදි තරමක් මන්දගාමී ය. නමුත් Xiaomi Usersලා නම් මීළඟ Android Update එක හා MIUI 13 එනතුරු ඇඟිලි ගනිමින් සිටින බව අපි දන්නවා.

මීට සති දෙකකට පෙර, Android 12 Updates ලබා දෙන ආකාරය පිළිබඳව විශ්වාසය තැබිය හැකි Xiaomi, Redmi, POCO සහ Black Shark වල Models List එකක් අන්තර්ජාලය තුළ දැකගැනීමට අපට හැකි විය. මේක නිල ලැයිස්තුවක් නෙමෙයි, ඒත් ඒ List එක Xiaomi Support Policy එක සැලකිල්ලට ගෙන MIUI Developersලාගෙන් ලැබුණු දත්ත මත පදනම්ව සම්පාදනය කරන ලද List එකක් බව එම Update Models List එක නිර්මාණය කරන ලද නිර්මාණකරුවන් විසින් සහතික කරලා තිබෙනවා.

ඉතින් බලමු මේ List එකට අනුව Android 12 සහ ඒ මත පදනම් වුන MIUI 13 Update එක ලැබෙන Smartphone Model List එක.

පහතින් දැක්වෙන්නෙ Android 12 Update එක ලැබෙන Device Models වල List එකයි.

මෙම Updates නිකුත් කිරීමේ වේලාව සහ ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැනට ලැබී නොමැති අතර මෙම ලැයිස්තුව නිල නොවන එකක් බවද සලකන්න. මේ සම්බන්ධව Official Update List එකක් සැප්තැම්බර් වන විට ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

MIUI 13 ලැබෙන Device Model List එක පහතින් බලන්න.

  • Xiaomi Mi 11 series
  • Xiaomi Mi 10 series
  • Xiaomi-Mi Mix Fold
  • Redmi Note 10 series
  • Redmi Note 9 line
  • Redmi-K40 series
  • Redmi K30 series
  • Redmi K20 series
  • Redmi-9 line
  • Redmi 10X series
  • POCO M2 / M2 Pro
  • Poco X3 / POCO X3 NFC / Poco X3 Pro
  • POCO-X2 / X2 Pro
  • Black Shark 4/4 Pro
  • Black Shark 3/3 Pro / 3S
  • Black-Shark 2/2 Pro

Source:- Xiaomiui, Gizchina