Loading...
ඇයි Xiaomiලා එකම phone එක විවිධ නම් වලින් එක එක Region වල Release කරන්නේ

ඇත්තටම මොකක්ද ⁣මේ කතාව. මේක පැහැදිලි කරන්න මම Xiaomiලා Design කරලා Product එකක් විදියට එලියට දාපු Alioth Phone Model එක ගන්නම්. ඒක China වල Redmi K40 කියන නමිනුත් India වල Mi 11X කියන නමිනුත් අනෙක් රටවල POCO F3 කියන නමිනුත් Release වුණා.

Redmi K Series එක කියන්නේ Chinaවල Successor එකක්. ඒ කියන්නේ එහේ මිනිස්සුන්ගේ ඔලුවෙ තියෙන්නේ Redmi K Series එක කියන්නේ සුපිරියක් කියලා. මොකද Redmi K Series එක යටතේ මුලින්ම ආවේ Redmi K20/ K20 Pro (Aka Mi 9T/ 9T Pro). ඔය දෙක චීනෙ Launch කළේ සෑහෙන්න Hype එකක් හදලා සුපිරි Launch Event එකක් පවත්වලා. කොච්චර Hype එකක් හැදුවද කියලා කියනව නම් ලංකාවේ සමහර අය Redmi K20/ K20 Pro Devices දෙක Mi 9T/ 9T Pro විදියට Rebrand කරලා Global launch එකටත් කලින්ම China වල ඉඳන් එක එක විදිවලට මෙහෙට ගේන්න ගත්තා.

Box Design එකේ වගේම Phone Design එකේ ඉඳන් Event එකේ Theme එක වෙච්ච Flagship Killer 2.0 වෙනකන් සේරම මේ K20 Series එකට උපරිම සාධාරණයක් කරා. ඉතින් එදා ඉඳන් China වල Redmi K series එක කියපු ගමන් ඔළුවට යන්නේ මාර බඩුවක් කියන එක. ඒක තාම ඒ විදියට පවත්වා ගෙන යන්න Xiaomi සමාගම කටයුතු කරමින් ඉන්නවා. හැබැයි තාමත් Redmi K20 Series එකට ගහන්න Redmi K30/ K40 Series දෙකටම බැරි වුණා. කොහොම හරි Alioth එක China වල Flagship Performance එක්ක අඩු ගානකට Redmi K40 කියලා Release කරා.

ලංකාවට ඔය Device එක Redmi K40 කියලා ආව නම් මොකද වෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ Mindset එක හැදිලා තියෙන්නේ Redmi කියන්නේ ජරාවක් කියලා. ඒකට හේතුව ලංකාවට Redmi කියලා එන්නේ Entry Level සහ Midrange Phones ටිකක්. ඒවා අරගෙන Flagship Performance හොයන අය තමා ගොඩාක්ම Redmi කියන්නේ ජරාවක් කියලා කියන්නේ. කොහොම හරි දැන් ලංකාවේ බහුතරයකගේ Mindset එකේ තියෙන්නෙ Redmi ජරාවක් / වැඩක් නැති Brand එකක් කියලා. ඉතින් Affordable Flagship එකක් ලංකාවට Redmi කියන නමින් Release කරලා වැඩක් නෑ. ලංකාව විතරක් නෙවේ අනිත් ගොඩාක් රටවලත් ඔය ප්‍රශ්නේ ඔය විදිහම තමයි.

ඒ නිසා තමා India වලට Redmi K40 එකම Mi 11X කියලා Release කරන්න කටයුතු කරේ. මොකද Mi Device එකක් කිව්වම සුපිරි Device එකක් කියලයි කට්ටියගේ ඔලුවෙ තියෙන්නේ. ඒ වගේම ඔය Redmi K40 Device එකම POCO F3 කියලා Global Release ක⁣රේ. මොකද F Series කියන්නේ සුපිරි Series එකක් කියලයි කට්ටියගේ ඔලුවේ තියෙන්නේ. ඒ මොකද F1, F2 Pro (Aka Redmi K30 Pro) කියන්නේ සුපිරිම Device එකක් Global Market එකට නිකුත් වෙච්ච. ඉතින් Europe වල අයට ඕක ඔය විදිහටම වලංගුයි. එයාලටත් F Series කියන්නේ සුපිරි Device එකක්.

ඔහොම හිතන එක අනික් රටවලටත් වඩා ලංකාවේ වැඩි. ඕක හොඳටම තේරුම් අරන් ඉන්න Xiaomi Sri Lanka එක අනිත් රටවල Redmi Note 10 Pro එකටත් වඩා අඩු ගාණට Release වෙච්ච Mi 11 Lite එක මෙහේ දුන්නේ Redmi Note 10 Pro එකට වඩා රු. 7,000.00ක් විතර වැඩියෙන් (6GB/128GB). එයාලා දන්නවා ලංකාව ඇතුලෙත් Mi Devices හොදට අලෙවි කරන්න පුළුවන් කියල. ඇයි ඉතින් ලංකාවේ අය හිතන් ඉන්නේ Redmi ජරාවක් / වැඩක් නැති Device එකක් කියලානේ.

මේ කරැණට හොදම උදාහරණය Facebook Group වල තියෙන Redmi Note 10 Pro vs Mi 11 Lite වගේ Postවල Comment Section එකෙන් බලා ගන්න පුළුවන්. Device එක ගැන කිසිම අදහසක් / පදනමක් නැතුව Redmi ජරාවක් / වැඩක් නැති Device එකක් කියල දාලා තියෙනවා. බැරිවෙලා හරි Mi 11 Lite එක Redmi Note 10 Pro වෙලා Redmi Note10 Pro එක Mi 11 Lite විදිහට මාරැ වෙලා ලංකාවට Release වුණා කියලා. ඒත් Comment Section එකේ Redmi ජරාවක් කියන Comment ටික ඒ විදියටම වැටෙනවාම තමා.

ඔය දේවල් හින්දා තමයි මම කලින් ලිපිවලත් කියන්නේ තමන්ට Phone එකක් ඕනි නම් අනුන්ගෙන් අහන්න එපා. තමන්ම Study කරලා එකක් ගන්න. YouTube වගේ Sources පාවිච්චි කරන්න Real Time Review වලට. මේක Xiaomi වලට විතරක් නෙවෙයි හැම Smart Phone Brand එකක් සදහාම වලංගුයි.

ඇත්තටම කියනවා නම් RN10 Pro එකයි Mi 11 Lite එකයි ගත්තොත් Mi 11 lite එක ඉස්සරහින් ඉන්නේ Design & Dimensionsවලින් විතරයි. අනිත් හැම අතින්ම RN10 pro ඉස්සරහින් කියල අපිට Specifications සන්සන්දනය කරපුවාම තෙරෙනවා.

කෙටියෙන්ම කිව්වොත් ඔය Rebrand කිරිල්ල කියන්නේ තනිකර Marketing Gimmic එකක්. ඒ ඒ රටවල එහෙම නැත්තම් Region වල Usersලගේ Mindset එක අනුව Phones ටික විකුණ ගන්න තමා ඔය Rebranding කිරිල්ල වෙන්නේ. නිකන් ඉන්න ගමන් වෙන රටවල mi Community වලට ගිහින් බලන්න මම කියන කතාව ඇත්ත කියල දැනෙයි ඔයාලටම එතකොට.