Loading...
Microsoft සමාගම Smart TV සඳහා Xbox app එකක් සහ Stream stick එකක් හඳුන්වා දීමට සැරසෙයි

Microsoft සමාගම විසින් Xbox TV App එකක් නිකුත් කරන්න සුදානම් බවට තොරතුරු මේ වෙන විට අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා.

Microsoft සමාගමේ තොරතුරුවලට අනුව මේ වෙනකොටත් ඔවුන් TV Manufacturersලා සමග මේ පිලිබදව සාකච්ඡා කරමින් සිටින බව සදහන් වෙනවා. විශේෂයෙන්ම Samsung සමාගමේ Smart TV සඳහා වැඩි අවධානයක් යොමු කරන බවත් සඳහන්. මේ Xbox Game Pass Service එක TVs වලට දෙන්න plan කරලා තියෙනේ Xbox Cloud Gaming Technology එක භාවිතයෙනුයි.‌

Microsoft සමාගම නිකුත් කළ තොරතුරුවලට අනුව මේ App එක මගින් Usersලට තවත් ආකාරයකින් Xbox Games Play කිරිමේ හැකියාව ලැබෙනවා. නමුත් ඔවුන් කියා සිටියේ මෙම App එක නිකුත් කළ පසුව සම්පූර්ණ භාවිතය හිමි වන්නේ XBox Ultimate Game Pass එකක් ඇති Usersලා හට පමණක් බවයි. ඒ වගේම මේ App එක Smart TVs වලට වගේම Microsoft සමාගමේ Dedicated Streaming Stick එකටත් ක්‍රියා කරනු ඇතැයි දැක්වෙනවා.

Microsoft සමාගම විසින් නිකුත් කර ඇති තොරතුරුවලට අනුව මේ Smart TV App එකේ ඉදිරි Plans ගැනවත් ඔවුන්ගේ Xbox Streaming Devicesවල Pricesවත් තවම Announce කර නොමැති වෙනවා. ඒ වගේම මේ Smart Tv App එක Support කරන Products මොනවාදැයි කිසිම තොරතුරක් තවමත් ලබාදීලා නැහැ.

මේ Smart Tv App එක නිකුත් වූ සැණින් තොරතුරු ගෙන එන්නම්. සුභ දවසක්!

Source : Tech Radar