Loading...
Xiaomi 12 මාදිලිය එලිදක්වන දිනය නිල වශයෙන් දැනුම් දීමට Xiaomi සමාගම කටයුතු කර​යි

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Mi වෙළෙඳ නාමය අතහැර දැමු අතර මේ වසරේදි නිකුත් විමට නියමිත Xiaomi Mi 12 Series එක, Xiaomi 12 නමින් එළිදැක්වීමට නියමිත බවත් මිට පෙර අපි ඔබ වෙත ගෙන එනු ලැබුවා. ඒ වගේම Qualcomm සමාගමේ Next Generation Flagship Smart Phone Processor එක වෙන Snapdragon 8 Gen 1  මගින් බලගැන්වෙන පළමු Xiaomi Smart Phone Series එක ලෙස Xiaomi 12 Series එක නිකුත් වෙන බව මිට පෙර Xiaomi සමාගම විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

Xiaomi 12 Series Smart Phones පෙළ මෙම මස 28 වෙනි දින නිල වශයෙන් චීනයේදි එළිදැක්වීමට නියමිත බව Xiaomi සමාගම විසින් මේ වෙන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව Xiaomi 12 Series එක Xiaomi 12, Xiaomi 12X හා Xiaomi 12 Pro ලෙස Devices තුනකින් යුතුව එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම මේ Xiaomi 12 Series එක Snapdragons 8 Gen 1 Chipset එකෙන් සමන්විත වෙන බව හැර මේ Series එකේ Devicesවල Specifications පිළිබඳ තොරතුරු කිසිවක් මේ වෙන තුරැත් ප්‍රකාශයට පත් කරන්න Xiaomi සමාගම විසින් කටයුතු කර නොමැති වෙනවා.

කෙසේ වෙතත් ඔබට මතක ඇති අපි මිට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා Xiaomi 12 Series එක 50MP Camera Sensors තුනකින් හා Periscope Zoom Lens එකකින් සමන්විමත විමට ඉඩ ඇති බව. මේ වෙන තුරැත් මේ පිළිබඳ නිල වශයෙන් කිසිදු තහවුරු කිරිමක් නොමැති වුවත් පළවෙන තොරතුරුවලට අනුව බොහෝ විට මේ ආකාරයේ Camera Setup එකකින් මේ Smart Phone Series එක සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gsm Arena