Loading...
Snapdragon 8 Gen 1 chipset එක සහිත ලොව ප්‍රථම Xiaomi ජංගම දුරකථනය ලෙස Xiaomi 12 මාදිලිය එලි දැක්වීමට එම සමාගම කටයුතු කර​යි

Qualcomm Snapdragon 8 Gen 1 Flagship Chipset එක මගින් සමන්විත වෙන පළමු Xiaomi Flagship Devices Series එක විදිහට ඊයේ Xiaomi 12 Series එක නිල වශයෙන් එළිදැක්වීමට Xiaomi සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. මේ Xiaomi 12 Series එක Xiaomi 12, Xiaomi 12X හා Xiaomi 12 Pro ලෙස Devices තුනකින් සමන්විත වෙනවා.

මින් Xiaomi 12 සහ Xiaomi 12 Pro Devices දෙක Snapdragon 8 Gen 1 Chipset එකෙන් සමන්විත වුවත් මිල සදහා ප්‍රමුඛත්වය දි ඇති Xiaomi 12X Devices එක Qualcomm Snapdragon 870 Chipset එකෙන් යුතුව නිෂ්පාදනය කරන්න Xiaomi සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

Xiaomi 12

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Flagship Devices එකක් සදහා යොදා ගනු ලැබු කුඩාම Screen එකකින්, එනම් අගල් 6.28ක Samsung AMOLED Display එකකින් මෙය සමන්විත වෙනවා. මෙය FHD+, 120Hz Display Refesh Rate එකකින් ද යතු වෙන අතර Gorilla Glass Protection එකෙන් යුතු වෙන අතර Under Display Fingerprint Scanner එකකුත් ලබා දි තිබෙනවා.

Xiaomi 12 Device එක සදහා 50MP Sony IMX 766 Sensor එකකින් යුතු Triple Camera Setup එකක් ලබා දි ඇති අතර අනෙක් Sensors විදිහට 13MP Ultrawide Camera Sensor එක හා  5MP Tele-macro camera එක ලබා දි තිබෙනවා. ඒ වගේම 32MP Selfie Camera එකකුත් ලබා දි තිබෙනවා.

67W Wired Fast Charging හා 50W Wireless Charging මෙන්ම 10W Wireless Reverse Charging පහසුකම් ද ලබා දි ඇති මේ Device එක සදහා 4500mAh Battery එකක් ලබා දි තිබෙනවා. මෙය Black, Blue හා Pink colors වලින් වගේම විශේෂ Green vegan leather Version එකකිනුත් වෙළෙඳපොළට නිකුත් වෙනු ඇත.

Xiaomi 12 Pro

Xiaomi 12 Pro Model එක අගල් 6.73ක 2K Resolution එකකින් යුතු AMOLED Display Panel එකක් සහිත වෙන අතර LTPO 2.0 තාක්ෂණය ඔස්සේ Display Refesh Rate එක 1Hz සිට 120Hz දක්වා පරාසයේ වෙනස් විමට ඉඩ දෙනු ලබනවා. Display එක Gorilla Glass Protection එකෙන් යුතු වෙන අතර Under Display Fingerprint Scanner එකකුත් ලබා දි තිබෙනවා.

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi 12 Pro Device එක සදහා 50MP බැගින් වු Triple Camera Setup එකක් ලබා දි තිබෙනවා. Primary Camera Sensor එක සදහාSony IMX707 Sensor එකකුත් Portrait Lens එක සදහා 50MP Sensor එකකුත් Ultra Wide Camera එක සදහා 50MP Sensor එකකුත් ලබා දි තිබෙනවා. ඒ වගේම 32MP Selfie Camera එකකුත් ලබා දි තිබෙනවා.

4,600 mAh Battery එකක් ලබා දි තිබෙන අතරම 120W Wired Fast Charging පහසුකමත් 50W Wireless Fast Charging පහසුකමත් ලබා දි තිබෙන අතර මෙහි Power Management සදහා Xiaomi සමාගමේමනව Surge P1 Charging Chip එක ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව Harman/Kardon Tuned Dual Speaker Setup එකක් හා IP68 Water & Dust Resistance පහසුකම් ලබා දි තිබෙනවා. මෙය Black, Blue හා Pink colors වලින් වගේම විශේෂ Green vegan leather Version එකකිනුත් වෙළෙඳපොළට නිකුත් වෙනු ඇත.

Xiaomi 12X

Xiaomi 12 Series එකෙන් තුන්වෙන මෙන්ම Budget Device එක ලෙස හදුන්වා දී ඇති මේ Xiaomi 12X Device එක අගල් 6.28ක AMOLED Display එකකින් සමන්විත වෙන අතර එය 120Hz Display Refesh Rate එකකින් යුතු වෙනවා.

ඒ වගේම මෙය 50MP Primary Camera Sensor එකක් සහිත Triple Camera Setup එකකින් සමන්විත වෙන අතරම මේ සදහා 32MP Selfie Camera එකක් ලබා දි තිබෙනවා.

Snapdragon 870 Chipset එකෙන් සමන්විත වෙන මේ Xiaomi 12X Device එක සදහා 4500 mAh Battery එකක් ලබා දි තිබෙන අතර 76W Fast Charging පහසුකම ලබා දි තිබෙනවා. මේ Device එක සදහා Wireless Charging පහසුකම ලබා දි නැ.

මිල ගණන්

Xiaomi 12 Device එකේ 8GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $581 ක් පමණ ද,  8GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $628 ක් පමණ ද, 12GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $691 ක් පමණද වෙනු ඇත.

Xiaomi 12 Pro Device එකේ 8GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $738 ක් පමණ ද,  8GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $785 ක් පමණ ද, 12GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $848 ක් පමණද වෙනු ඇත.

Xiaomi 12X Device එකේ 8GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $502 ක් පමණ සහ 12GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $596 ක් පමණද වෙනු ඇත.

Xiaomi 12 Series එක Android 12 මත පදනම් වු ඔවුන්ගේ MIUI 13 සමග නිකුත් වෙනු ඇති අතර  2022 වසර මුලදි Global Market එක සදහා මේ Series එක නිකුත් විම සිදු වෙනු ඇත. දැනට දෙසැම්බර් 31 සිට චීනය තුලදි මේ Xiaomi 12 Series එක මිලදි ගැනිමේ හැකියාව තිබෙනවා.

Sources: Gizmochina, Android Authority