Loading...
Xiaomi 12S Ultra කැමරා​ව Sony සමාගමේ අඟ​ල් එකේ Sony IMX989 වලින් බල ගැන්වෙන ලකු​ණු

Xiaomi සමාගම විසින් මෑතකදී නිවේදනය කර පරිදි ඔවුන් විසින් Xiaomi 12s නවතම දුරකථන මාලාව ඉදිරි සතියේදී එනම් ජුලී 4 වනදා එළිදැක්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි. තවද මෙම Series එකේ camera පිළිබදවද සමාගම විසින් දැනටමත් තොරතුරු නිකුත් කර තිබෙනවා. ඒවායෙන් හැගවෙන පරිදි Sony IMX989 camera sensor එක සමගින් Xiaomi 12S Ultra device එක නිකුත් වීමට තිබෙනවා.

දැනට පවතින ඉහලම මට්ටමේ camera sensor එකක් වන මෙය iPhone 13 Pro Max දුරකතනය සමඟ සැසඳීමේදී 50MP resolution එකකින් ද 172% දක්වා වැඩි කරන ලද Photo Sensitive Area එකක් ද, 32.5% දක්වා වැඩි කළ Camera Speed එකක් සහ 11%කට වැඩි Startup Speed එකකින්ද යුක්ත වනවා.

Sony IMX707 sensor එක සමගින් 48.5% දක්වා වැඩි කල හැකි Photo Sensitive Area එකක් හා 49% දක්වා වැඩි කල හැකි light input එකකින්ද නවතම Xiaomi 12S Pro සහ Xiaomi 12S දුරකථන සමන්විත වනවා. 7p lens එකකින් හා OIS සමගින් මෙම 50MP Resolution පරාසය බොහෝ විට බලගැන්වෙනවා. මේ devices වල Camera පිළිබද තවමත් බොහෝ කරුණු ඉදිරිපත් කර නොමැති අතර නිල වශයෙන් එළි දැක්වීමට පෙර සමාගම විසින් ඒ පිලිබදව වැඩි විස්තර එලි දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වනවා.

Xiaomi 12S දුරකතනය Snapdragon 8+ Gen 1 Chipset එක සමගින් බලගැන්විය හැකි අතර වෙනත් ඕනෑම මාදිලියකට MediaTek Dimensity 9000 හෝ Dimensity 9000+ Chipset එකක් තිබිය හැක. මේ දුරකථන මාලාව නව Design එකක් සමගින් පැමිණෙනු ඇතැයි පරිභෝගිකයන් විසින් බලාපොරොත්තු වන අතර එලි දැක්වීමෙන් අනතුරුව එහි සියලු විස්තර ලබා ගැනීමට හැකිවනවා.

තවද 120Hz refresh rate එකකින් හා 120W fast charging සමගින්ද මෙම Xiaomi 12S දුරකථන මාලාව පැමිණෙනු ඇතැයි විශ්වාස කල හැකිය.

Source: The Verge Android Central GSM Arena TechRadar