Smart Phones පාවිච්චි කරන Android මෙන්ම Apple පාරිභෝගිකයන්ට ඇති ප්‍රධානතම අවශ්‍යතාව ලෙස හොද Battery Capacity එකක් Smart Phone එක සහිත විම දක්වන්න පුලුවන්. ඒ වගේම අපි සැම අපගේ Smart Phone එකේ Battery Level එක 15% පමණ වු විට එය භාවිතා කිරිම ඉතා සීමා සහිතව කරන බව අප සියල්ල දන්න කරැණක්.
මෙයට විසදුමක් ලෙස Xiaomi සමාගම විසින් එලිදැක්වූ Xiaomi 13 Ultra Smart Phone එකත් සමග 1% ක Battery Level ඇති විට මිනිත්තු 60ක් දක්වා පමණ Power On එකේ තබා ගැනිමේ හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 18 වෙන දින එළිදැක්වූ Leica-tuned Camera Setup එකකින් සහිත වෙන මේ Smart Phone එක සදහා මෙම හැකියාව ලැබි ඇත්තේ Xiaomi සමාගම විසින්ම Design කරනු ලබන Surge P2 සහ Surge G1 chips මගිනුයි.
ඔවුන් දක්වන්න ආකාරයට Xiaomi 13 Ultra සමගින් 1%ක Battery Level එකක් ඇති විටක මිනිත්තු 60ක් දක්වා පමණ Power On එකේ පවත්වා ගත හැකි අතර සහ මිනිත්තු 12 පමණ ඇමතුමක් කිසිදු ගැටලුවකින් තොරව ලබා ගත හැකි ද වෙනවා. කෙසේ වෙතත් මෙලෙස ජංගම දුරකථනය භාවිත කිරිමට නම් එහි Emergency Battery Mode එක සක්‍රීය කළ යුතු වෙනවා.
Sources: www.gizmochina.com www.91mobiles.com