Loading...
200MP Periscope කැමරාවක් සමඟින් Xiaomi 15 Ultra දුරකතනය එලිදක්ව​යි

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකතනවන Xiaomi 15 Ultra මේ වන වි​ට චීනයේ නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. මේ උපාංගයේ විශේෂාංග ස​හ මිල ගණන් ගැන අපි මේ ලිපියෙන් විමසා බලමු.

Xiaomi 15 Ultra දුරකතනයේ හැඩ​ය පසුගිය වසරේ Xiaomi 14 Ultra එක්ක බොහොම සමානයි. තිරය 6.73 අඟල් 1440p LTPO AMOLED එකක්—120Hzක display refresh rate එක​ක්, 10+2 Bit colors, සහ 3,200 nits of peak brightness වලින් සමන්විත වෙන​වා. ඒත් මේ වතාවේ Xiaomi 14 Ultra එකට වඩා  15 Ultra එ​කේ බෙසල් ටිකක් සිහින් කරලා තියෙනවා.

Xiaomi 15 Ultra සඳහා භාවිතා කරලා තියෙන තාක්ෂණය ඉතාම ඉහළ තලයක තියෙනවා. Snapdragon 8 Elite chipset එකෙ​න් බලගැන්වෙන මේ දුරකථනය 12GB හෝ 16GB LPDDR5X RAM එක්ක 256GB, 512GB, හෝ 1TB UFS 4.0 storage capasity එක​ක් ලබා දෙනවා. මේ බලවත් ජංගම දුරකතන​ය සිසිල්ව තබා ගන්නdual-channel Ice loop D cooling system යොදලා තියෙනවා. Android 15 මත පදනම් වුණ HyperOS 2.0 වලින් තමයි මෙ දුරකතනය ක්‍රියාත්මක වෙන්නේ.

Xiaomi 15 Ultra හි කැමරා​ව

Xiaomi 15 Ultra හි නිකුත් කිරීමත් සමඟ​ම එහි අතිවිශිෂ්ට කැමරා පද්ධතිය ගැන බලන්න අපට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන​වා. 50MP Sony LYT 900 main lens, a 50MP x3 70mm telephoto shooter with OIS, සමඟි​න් 50MP ultrawide lens with a 115-degree FOV වලින් මේ දුරකතයේ කැමරා පද්ධතිය බල ගැන්වෙන​වා. ඒ විතරක් නෙවෙයි, x8.6 100mm periscope lens එකකින් සමන්විත 200MP Samsung HP9 camera එකත් මේ දුරකතනයට එකතු වෙනවා.

0:00
/0:04

නමුත් මෙවර variable aperture main lens එකේ සි​ට fixed aperture main lens ​එකක් දක්වා මෙවර downgrade එකක් කරලා තියෙනවා. දුරකතන එලිදැක්වීමේදී නව AISP 2.0 processing පිළිබඳවත් සඳහන් කෙරුනා. ඒ හරහා රාත්‍රීකාලයේදී ලබ ගන්නා ඡායාරූප වඩාත් හොඳ තත්වයෙන් ලබා ගැනීමේ හැකියාව හිමිවෙනවා. ඒ වගේම f/2.0 ඇපචරයකින් සමන්විත 32MP selfie කැමරාවකින් මේ දුරකතනය බලගැන්වෙනවා.

බැටරිය සහ අනිත් විශේෂාං​ග

Xiaomi 15 Ultra චීනයේට පමණ​ක් 6,000 mAh බැටරියක් සමඟ එලිදැක්වෙන​වා. ජාත්‍යන්ත​ර වෙළඳපොළට 5,400 mAh බැටරියක් සමඟ නිකුත් වෙතැයි කියල තමයි වාර්තා වෙන්​නේ. 90W wired charging සහ 80W wireless charging සඳහා මේ දුරකතන​ය සහය දක්වනවා. USB 3.2 Gen 2 port එක​ක්, IP 68/69 protection certificate, සහ කැමරා ආරක්ෂාවට Gorilla Glass 7i වලින් මේ දුරකතනය සමන්විතවනවා..

Xiaomi 15 Ultra දුරකතනය black, white සහ classic Leica Camera කිය​න වර්ණ තුනකින් වෙළඳපලට නිකුත් වන අතර Classic Leica Camera කියන version එක eco-leather back එකකින් සමන්විත වනවා. මේ ප්‍රමුඛ පෙළේ දුරකථනය චීන වෙළඳපලේහිදී 12+256GB මාදිලිය යුවාන් 6,499ක් ලෙසත් 16GB+1TB මාදිලිය යුවාන් 7,999 ලෙසිනුත් මිල ගණන් දක්වා තිබෙනවා. මාර්තු 2 වෙනිදා යුරෝපයේ එලිදැක්වීම සිදු වුනාට පසුව අපිට ජාත්‍යන්තර වෙළඳපලේදී මෙම දුරකතනය අලෙවි වන මිල ගණන් දැන ගැනීමට හැකියි.

Source: www.mi.com www.theverge.com