Loading...
ජංගම දුරකතන සිසිල් කිරීමේ වේගය දෙගුණයකින් වැඩි කර​න Loop LiquidCool නම් නව තාක්ෂණයක් Xiaomi සමාගම හදුන්වාදේ

ඕනෑම විදුලි උපකරණයක කාර්යක්ෂමතාව ඉහල නැංවීම කෙරෙහි එහි Cooling System එක එහෙමත් නැති නම් සිසිලන පද්ධතිය විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එය ස්මාර්ට් ජංගම දුරකතන සදහාත් එලෙසමයි. මේ වන විටත් බොහෝ ජංගම දුරකතන සමාගම් තම ජංගම දුරකතන සදහා විවිධ තාක්ෂණයෙන් යුත් Cooling System භාවිතා කිරීමට පෙලඹී තිබෙනවා. මේ අතරට Xiaomi සමාගමේ Loop LiquidCool තාක්ෂණය අලුතින් එකතු වෙනවා.

මෙහිදී භාවිතා වන්නේ සාමානය Vapor Chamber (VC) සිසිලන් පද්ධතියක තාක්ෂණයම වුවත් මෙය ක්‍රියාකරන ආකාරය සාමාන්‍ය Vapor Chamber සිසිලන පද්ධතියකට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. එලෙසම මෙම Loop LiquidCool සිසිලන පද්ධතිය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේදී භාවිතා වන සිසිලන පද්ධතිවල ආභාෂය මත නිපදවා ඇති බවට Xiaomi සමාගම විසින් වැඩි දුරටත් සදහන් කර තිබෙනවා. එමෙන්ම මෙම Loop LiquidCool පද්ධතිය මූලිකව Evaporator, Condenser, Refill chamber කොටස් වලින් මෙන්ම Gas හා Liquid රැගෙන යන සිහින් නළ පද්ධතියකින් ද සමන්විත වෙනවා.

මෙහිදී Evaporator කොටසේදී තාපය අවශෝෂණය කරමින් වාෂ්ප වන ද්‍රවය Condenser කොටසේදී නැවතත් ද්‍රව බවට පත්වනවා. ඉන්පසු එය Refill Chamber කොටසට එකතු වී නැවතත් මෙම ක්‍රියාවලිය චක්‍රාකාරව සිදුවනවා. මම චක්‍රාකාර ක්‍රියාවලිය තාපය ක්‍රමානුකූලව විසුරුවා හරිමින් පද්ධතිය ඉක්මනින් සිසිල් කිරීමට උපකාර වෙනවා. එමෙන්ම මෙම ක්‍රියාවලිය ක්‍රමානුකූලව, එකම දිශාවකට චක්‍රියව සිදුවීම සදහා Micro ප්‍රමාණයේ ටෙස්ලා වෑලයක් (Tesla valve) යොදාගෙන ඇති බවත් වැඩි දුරටත් සදහන් වෙනවා.

ටෙස්ලා වෑලයක්(Tesla valve)

එමන්ම සාමාන්‍ය Vapor Chamber සිසිලන පද්ධතියක් හා නව Loop LiquidCool සිසිලන පද්ධතියක් යොදා නිර්මාණය කරන ලද Xiaomi MIX 4 ජංගම දුරකතන දෙකක් අතර සිදුකල පරීක්ෂණයකදී නව Loop LiquidCool සිසිලන පද්ධතිය සහිත ජංගම දුරකතන සාමාන්‍ය Vapor Chamber සිසිලන පද්ධතිය සහිත ජංගම දුරකතනයට වඩා 8.6℃ ක පමණ උෂ්ණත්වය අඩුවෙන් තිබූ බවටත් Xiaomi සමාගම සදහන් කර තිබෙනවා.

මෙම Loop LiquidCool සිසිලන පද්ධතිය 2022 වර්ෂයේ දෙවන කාර්තුවේදී දුරකතන සදහා භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවට Xiaomi සමාගම වැඩි දුරටත් සදහන් කරනවා.

Source- blog.mi.com, Gizmochina