Loading...
MIUI 12.5 Enhanced සංස්කරණය ගෝලීය වශයෙන් නිකුත් වන schedule එක Xiaomi සමාගම නිවේදනය කරයි

Xiaomi සමාගම විසින් මේ මස මුලදි ඔවුන්ගේ MIUI 12.5 Enhanced Edition එක පිළිබඳ ප්‍රකාශයට පත් කිරිම සිදු කරනු ලැබුවා. එහිදි මේ Enhanced Edition එක චීනය තුල නිකුත් වු තෝරාගත් Devices කිහිපයකට ලබා දෙන බවත් නිවේදනය කරනු ලැබුවා. මේ MIUI 12.5 Enhanced Edition එක Xiaomi Global Devices සදහා ඔක්තෝබර් මාසයේ සිට ලබා දිමට බලාපොරොත්තු වෙන බවට තොරතුරු නිකුත් කර තිබෙනවා.

Mi Global Community එකේ පළ කරන ලද ලිපියයකට අනුව මේ MIUI 12.5 Enhanced Edition Update එක Xiaomi සමාගම විසින් Globally නිකුත් වු Flagship Devices 09 ක් සදහා නිකුත් කිරිමට සුදානමින් සිටිනවා.

  1. Mi 11
  2. Mi 11 Ultra
  3. Mi 11i
  4. Mi 11X Pro
  5. Mi 11X
  6. Mi 10T Pro
  7. Mi 10T
  8. Mi 10 Pro
  9. Mi 10

ඒ අනුව මේ Flagship Devices සදහා මේ වසර හතරවන කාර්තුව තුළ දි MIUI 12.5 Enhanced Edition Update එක ලබා දිමට නියමිතව පවතිනවා.

MIUI 12.5 Enhanced Edition එක කියන්නේ MIUI 12.5 Version එකේම වැඩිදියුණු කළ Version එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. මේ ඔස්සේ Xiaomi සමාගම විසින් MIUI එකේ පැවති system Header Problems 160ක පමණ සංඛ්‍යාවක් හා System Application Problems 224 සංඛ්‍යාවක් සදහා විසදුම් ලබා දි තිබෙනවා. ඒ වගේම Liquid Storage, Atomic Memory, Focus Calculation හා Intelligent Balance යන අංශ ඔස්සේ මේ Edition එක සදහා හොද Optimization එකක් ලබා දි තිබෙනවා.

Source: Gizmochina