Loading...
Xiaomi සමාගම විසින් නිෂ්පාදිත ජංගම දුරකතන හිතාමතා slow කරන බව හෙළි වෙයි

Performance throttling, එහෙමත් නැතිනම් විවධ හේතු කරණා කියමින් OS එක විසින්ම smartphones යම්තාක් දුරකට slow කිරීම මින් පෙරත් වාර්තා වී තිබුණා. Snapdragon 810c chipset එකේ අධික රත්වීම් නිසා කළ throttling වගේම බැටරි ප්‍රශ්න නිසා පැරණි iPhone slow කිරීමද අපට අසන්නට ලැබුණා.

මෙලෙස තම devices සිතාමතාම slow කිරීමට පටන් ගත අලුත්ම නිෂ්පාදකයා ලෙස දැන් Xiaomi කරළියට පැමිණ තිබෙනවා.

ඇත්තටම Xiaomi විසින් 11T Pro හි performance අඩු කරාද? නැතිනම් මෙය තවත් overheating ප්‍රශ්නයක්ද?

Xiaomi 11T Pro. Image: Anandtech

සාමාන්‍ය භාවිතයේදී කොහොමත් 11T Pro Snapdragon දුරකථනය එහි උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරනවා. නමුත් විදෙස් ප්‍රවෘත්ති වෙබ් අඩවි කීපයක්ම වාර්තා කර තිබු ආකාරයට, ප්‍රශ්නය මතු වන්නේ මෙලෙස chipset ධාරිතාව උපරිම ලබා දී අවසානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ට පැමිණ එය අධික උෂ්ණත්වයට (overheat) ලක් විමේදියි.

Anandtech වෙබ් අඩවියේ reviewer කෙනෙක් සඳහන් කර ඇති ආකාරයට Xiaomi විසින් නොදන්නා apps (anonymous applications) run වීමේදී performance සඳහා කිසිම සීමාවක් පනවන්නේ නෑ. නමුත් හොඳින් දන්නා app එකක් (මෙහෙදී ඔවුන් භාවිතා කර තිබුනේ Genshin Impact නම් ප්‍රසිද්ධ ක්‍රීඩා app එකයි) run කරන විට processor speed එකට සීමාවක් පැන වෙනවා.

Genshin Impact. Image: Pinterest

මෙම Review එකේදී ඔවුන් performance test කරන්න භාවිත කර ඇති app එක run කිරීමේදී කිසි සීමාවක් නොපෙන්වා run වී ඇති අතර අවසානයේ overheating message එක පෙන්වා තිබෙනවා. නමුත් එම app එකම Genshin Impact ලෙස අනුකරණය කර install (spoof) කර පෙර පරිදිම run කිරීමේදී phone එක overheat වීමකට ලක්වී නැති අතර ප්‍රොසෙසරය විසින් එම app එක Genshin Impact game එක ලෙස හඳුනාගත් නිසා performance ස්වයංක්‍රියවම අඩු කරගෙන තිබෙනවා.

එහෙම වෙන්නේ ඇයි?

ඇත්තෙන්ම මෙය phone එක ආරක්ෂා කරගැනීමට ගත් පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් ගැටලුව මතු වන්නේ benchmark test කිසිවකදී මෙම කරුණ පිළිබඳ Xiaomi විසින් සඳහන් නොකර තිබීමයි. එනම් අනෙක් phone සමඟ Xiaomi 11T Pro දුරකතනයේ performance සසඳන විට එය ඉහල අගයක් ගත්තත්, සැබෑවටම එම performance දුරකථනය මගින් ලබා නොදීමෙන් ඔවුන් මහජනයා රැවටීමකට ලක් කර තිබෙනවා.

මෙම සංඛ්‍යා තවදුරටත් විශ්වාස කළ හැකිද? Image: Unite4Buy 

එමනිසා, මෙය තරඟකරුවන්ට වඩා ඉහල performance/rating අගයක් ලබා ගැනීම සඳහාම Xiaomi විසින් භාවිතා කළ උපක්‍රමයක් ලෙස හැඳින්විය හැකියි.

Sources: Fuentitech, Gizchina, AnandTech