Loading...
APK භාවිතා කරමින් Android apps install කිරීම MIUI තුල අවහිර කිරීමට Pure mode නම් නව පහසුකමක් Xiaomi විසින් අත්හදා බලයි

සෑම Android Smart Phone එකකටම අනිවාර්‍යෙන්ම පවතින හැකියාවක් ලෙස Apps Sideload කිරිමේ හැකියාව හදුන්වා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් මෙලෙස Apps Sideload කිරීමට ඇති හැකියාව නිසා Android Smart Phone තුලට යම් Malwares ඇතුල් විමේ හැකියාව තිබෙනවා. මේ හේතුන් නිසාම Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone සදහා Apps Sideload කිරිමේ හැකියාව ලබා දෙන්න කටයුතු කරන්නේ නැ.

මේ පිළිබඳ සලකා බලමින් Xiaomi සමාගම විසින් මෙලෙස Apps Sideload කිරීමේ හැකියාව තිබියදීම අනවසරයෙන් Apps Sideload වීම වැලැක්වීම සදහා "Pure Mode" නමින් නව Feature එකක් හදුන්වා දිමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මේ නව Feature එක මගින් Xiaomi Smart Phonesවල Apps Sideload Feature එක අවහිර කිරීමේ අවස්ථාව ලැබෙනවා. මේ තුලින් අනවසරයෙන් Download කරන Apps Install කිරිමට නොහැකි වෙනවා.

එමෙන්ම මේ පිළිබඳ Xiaomi සමාගම විසින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ඔවුන්ගේ Smart Phones වල තිබෙන Apps වලින් 40%ක් පමණම ආරක්ෂක විගණනය සමත් නොවු Apps බවයි. මින් 10%ක් පමණ අවධානම් සහිත Apps ලෙස ද හදුනාගෙන තිබෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

Pure Mode Feature එකේ මූලික අරමුණ වන්නේ අහම්බෙන් සිදුවෙන Apps Install විමෙන් වළක්වා, එම Apps නිසා දුරකථනයට ඇති විය හැකි අවධානම් අවම කිරිමයි. මේ Pure Mode Feature එක Beta Usersලා සදහා පමණක් ලබා දී ඇති අතර එයත් චීනයට පමණක් සීමා කර තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී Xiaomi සමාගම මේ Feature එක Xiaomi Smart Phone සදහා නිකුත් කරන දිනයක් ගැන ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Android Authority