Loading...
Xiaomi Mi 11 Pro සහ Ultra වෙළඳපලට නිකුත් වී මිනිත්තුවකින් USD මිලියන 183ක ආදායමක් උපයයි. Mi 11 Ultra සියල්ල විකිණී අවසානයි

Xiaomi Mi 11 Pro සහ Xiaomi Mi 11 Ultra දුරකථන දෙක කියන්නෙ මේ වෙද්දි ලෝකෙ තියෙන සුපිරිම smartphones දෙකක්. මෙම දුරකථන එලිදැක්වෙන්නේ මාර්තු 29 වන දිනයි. මෙය කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත් මෙම Xiaomi Mi 11 Ultra දුරකථනය මේ වන විට නිෂ්පාදිත දුරකථන ප්‍රමාණය විකිණී අවසන් වී ඇත. ඒ අතරම Xiaomi Mi 11 Pro සහ Xiaomi Mi 11 Ultra දුරකථන දෙකෙහිම අලෙවියන් එක්ව මිත්තුවකදී Yuan බිලියන 1.2 ක එහෙමත් නැත්තම් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 182.85 ක අලෙවියක් සිදුවී ඇත.

මෙම දුරකථන වල මේ වන විට smartphone එකකට ආපු ලොකු camera sensor අඩංගු වී තිබෙනවා. ඒ වගේම DXO Mark Camera Ranking List එකේ ප්‍රථම ස්ථානය ලබාගන්නත් Xiaomi Mi 11 Ultra දුරකථනය සමත් වුණා.

Mi 11 Pro

Display

මෙම දුරකථනයට අගල් 6.81 ක AMOLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1440 x 3200 කි. මේ display එකට 120 Hz  ක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 20:9 කි. මෙම display එක Corning Gorilla Glass ආරක්ෂා කර ඇති අතර HDR10+ හා Dolby Vision සහය දක්වයි.

Chipset , Ram , Storage

Xiaomi Mi 11 Pro දුරකථනය බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.

මෙම දුරකථනය මාදිලි  කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම්, 8 GB RAM එකක් සමග 128 GB Storage එකක්, 8 GB RAM එකක් සමග 256 GB Storage එකක් සහ 12 GB RAM එකක් සමග 256 GB Storage එකක් ආදී ලෙසිනි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් ලබා දී නැත.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු MIUI 12.5 වේ.

Battery

Xiaomi Mi 11 Pro හි battery එක විදියට Li-Po 5000mAh non-removable battery එකක් සහ එයට 67W fast charging පහසුකම සහ 67W wireless fast charging පහසුකමත් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 50-megapixel  f/2.0 aperture එකක් සහ OIS පහසුකම අඩංගු වන Samsung GN2 primary sensor එකකිනුත් secondary sensor එක විදියට 13-megapixel ultra wide camera එකක් හා 8-megapixel telephoto lens එකක් ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා. මෙහි telephoto lens එක හරහා 5× optical zoom එකක් සහ 50× digital zoom එකක් ලබාගන්න පුලුවන්.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 24fps වලිනුත් 4K videos 60fps දක්වා සහ 1080p videos 60fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 20 MP එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතර එයට 1080p video 60fps දක්වත් 720p videos 120fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors  මෙම device තුළ අඩංගු වෙනවා.

මීට අමතරව මෙම දුරකථනයට IP68-certified water and dust resistance body එකක් පවතිනවා.

Xiaomi Mi 11 Ultra

Display

මෙම දුරකථනයට අගල් 6.81 ක WQHD+ AMOLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1440 x 3200 කි. මේ display එකට 120 Hz  ක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 20:9 කි. මෙම display එක Corning Gorilla Glass ආරක්ෂා කර ඇති අතර HDR10+ හා Dolby Vision සහය දක්වයි.

ඒ වගේම මෙම දුරකථනයට අගල් 1.1 ක secondary display එකකුත් අඩංගු වෙනවා. මෙම display එක නිසාවෙන් මෙම දුරකථනයට අමතර පහසුකම් රැසක් ලැබෙනවා. ඒවායින් විශේෂම වන්නේ මේ හරහා rear cameras වලින් selfies capture කරන්නත් Ultra-Low Power mode එක හරහා පැය 55 ක standby time එකක් ලබාගන්නත් පුලුවන්.

Chipset, Ram, Storage

Xiaomi Mi 11 Ultra දුරකථනය බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.

මෙම දුරකථනය මාදිලි 3 කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම්, 8 GB RAM එකක් සමග 256 GB Storage එකක්, 12 GB RAM එකක් සමග 256 GB Storage එකක් සහ 12 GB RAM එකක් සමග 512 GB Storage එකක් ආදී ලෙසිනි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් ලබා දී
නැත.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු MIUI 12.5 වේ.

Battery

Xiaomi Mi 11 Ultra හි battery එක විදියට Li-Po 5000mAh non-removable battery එකක් සහ එයට 67W fast charging පහසුකම සහ 67W wireless fast charging පහසුකමත් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 50-megapixel  f/2.0 aperture එකක් සහ OIS පහසුකම අඩංගු වන Samsung GN2 primary wide-angle sensor එකකිනුත් 48-megapixel Sony IMX586 sensor එකක් සහිත ultra wide camera එකක් හා 48-megapixel telephoto lens එකක් ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.මෙහි telephoto lens එක හරහා 5× optical zoom එකකුත් 120× digital zoom එකකුත් ලබාගන්න පුලුවන්.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 24fps වලිනුත් 4K videos 60fps දක්වා සහ 1080p videos 60fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 20 MP එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතර එයට 1080p video 60fps දක්වත් 720p videos 120fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors  මෙම device තුළ අඩංගු වෙනවා.

මීට අමතරව මෙම දුරකථනයට IP68-certified water and dust resistance body එකක් පවතිනවා.

Sources :- Gizmochina , GSMArena  , NDTV