Loading...
Android 12 මත පාදක වූ MIUI 12.5 beta වෙත Update කිරීමෙන් පසුව ඇතැම් MI 11, 11 ULTRA සහ 11i දුරකතන Brick වීමකට ලක්ව ඇති බව වාර්තා වේ

Android 12 පරික්ෂා කිරීමට ලැබුන ජංගම දුරකථන සමාගම් තුළ Xiaomi සමාගමද සිටි අතර දින කිහිපයකට පෙර පැවති MI Pilot Testing Program හිදී Android 12 Stable Beta Updates Pilot Testers හට ලබාදී තිබේ. කෙසේ නමුත් එහිදී අදාළ Update එක සිදුකළ ජංගම දුරකථන Brick වීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනූව Android 12 Update කිරීම් සිදුකළ Xiaomi Mi 11 Ultra, Mi 11, සහ Mi 11i ජංගම දුරකථන Brick වීමකට ලක්ව තිබේ. එමෙන්ම එය නැවත යථා තත්ත්වයට ගැනීම පහසුද යන්න පිළිබඳව දැනට නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

මේ ආකාරයට Brick වීම් සිදුව ඇත්තේ Version Numbers 12.5.1.0.SKAMIXM, 12.5.1.0.SKBMIXM, සහ 12.5.1.0.SKKMIXM සහිත Xiaomi Mi 11 Ultra, Mi 11, සහ Mi 11i ජංගම දුරකථන තුළයි. Xiaomiui පවසන්නේ Updates Install වීමේදී මෙම ගැටලුව ඇති වූ බවයි.

දැන් Xiaomi සමාගම අනතුරු අඟවන්නේ Mi Pilot Testers Program වෙත සම්බන්ධ වීමට පෙර අදාළ පරිශීලකයින්ගේ Data Back Up කරගන්නා ලෙසයි. කෙසේනමුත් Android 12 Stable Final Update එකක් නොවුනද Stable MIUI Update එකක් හරහා Brick වීමක් සිදුවීම ගැටලු සහගතය.

තවද Xiaomi PR හි සාමාන්‍යාධිකාරී Wang Hua මහතා පවසන්නේ Android 12 සඳහා තවත් විශාල වැඩකොටසක් සිදුකළ යුතු බවයි. එමෙන්ම Android 12 Testing කටයුතු චීනයට පමණක් සීමාකර තිබීමටද බොහෝ හේතු ඇති බව වාර්තා වේ.

මේවන විටත් බොහෝ ජංගම දුරකථන පරිශීලකයින් Beta Updates තුළින්ම Android 12 වෙත Upgrade වීමට බලාසිටින අතර හොඳම දෙය වන්නේ Stable Updates නිකුත් කරන තෙක් බලා සිටීමයි. එමෙන්ම තම Data Back Up කර ගැනීමද නුවනට හුරුය.

Source: Gizmochina, GizChina