Loading...
Xiaomi සමාගම Mi Band 5 එක announce කරයි, ජූලි මාසයේදී වෙළඳපලට

අතේ තියෙන ගාණට වටින Smart fitness tracker එකක් කිව්ව ගමන්ම මතක් වෙන්නෙ Mi band එක, මේක අඩුම ගාණකට ගන්න පුළුවන් හොද fitness tracker එකක් කියලා කිව්වොත් වැරද්දක් නෑ. ඒ නිසාම Mi band ජනප්‍රියයි. කොච්චර ජනප්‍රියයිද කිව්වොත් Mi band 4 එක නිකුත් කරලා මුල් විනාඩි 8 තුල device මිලියනයක් චීනෙදි අලෙවි උනා. මේ Mi band 4 එකේ successor එක තමයි Mi band 5 කියන්නෙ. මේක පහුගිය ජූනි 11වෙනිදා චීනයේ Announce කලා.

Mi band 5 එක කොයි වගේද, Mi band 4 එකට වඩා අලුතින් ආපු දේවල් මොනාද,මේකෙ මිලගණන් කොහොම වෙයිද, global එනවද, කවදා එයිද වගේ දේවල් බලමු

Design සහ screen

මේකෙ design එක ගත්තොත් Mi band 4 වගේම තමයි. Oblong-shaped (දිගති) tracker එකක් වර්ණවත් පටියක් (strap) තියෙනවා.වර්ණ කිහිපයකින් බලා ගන්න පුළුවන්.47.2 x 18.5 x 12.4mm body එකක් සහ WO NFC version එක 11.9gක්, W NFC version එක 12.1g බරකුත් තියෙනවා. Mi band 4 එකට (22.2g) වඩා සැහැල්ලුයි.

Display එක ගත්තොත් අඟල් 1.1ක AMOLED display එකක් මේකට තියෙනවා. Mi band 4 එකේ තිබ්බ අඟල් 0.95ක display එකට වඩා 20%ක් ලොකුයි. Mi band 5 එකේ කලින්ට වඩා smaller bezels තියෙන්නෙ. ඒවගේම මේකට 126 x 294 pixel resolution එකක්, 450 nit peak brightness එකක් වගේම 2.5D tempered glass panel එකක් තියෙනවා screen එකේ ආරක්ෂාවට.

ඒවගේම සීයකට වැඩි themes තියෙනවා තොරගන්න. මේකෙ interface එක ඔයාට කැමති විදිහට customize කර ගන්නත් පුළුවන්.

Battery සහ spec

මේකෙ WO NFC එකට තියෙන්නෙ 125mAh battery එකක්. W NFC එකට 135mAh battery එකක් තියෙනවා. මෙකෙන් දවස් 14ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි කියන්නෙ.Mi band 4 එක දවස් 20ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. ඔව් ඒක මේකෙ තියෙන අඩුපාඩුවක්. හැබැයි පාවිච්චි කරන විදිහ මත තමයි මේක තිරණය වෙන්නෙ.

මේක පැය දෙකකින් වගේ 0-100% charge කරන්න පුළුවන්. Xiaomiලා charging method එක වෙනස් කරලා තියෙනවා. Magnetic charging dock එකට පින් සිද්ද වෙන්න දැන් කලින් වගේ tracker එක පටියෙන් ගලව ගලව ඉන්න ඕනෙත් නෑ. කලින්ට වඩා faster chipset එකක් Mi band 5 එකට තියෙනවා. NFC (W NFC) Bluetooth 5.0, 16Mb storage, 512kb ram වගේ ඒවා තියෙනවා.

Fitness සහ features

Mi band 5 එකේ sensor setup එක නම් වෙනස් වෙලා නෑ. ඒවෙනුවට software පැත්තෙන් improve කරලා තියෙනවා. Heart rate එක මනින optical pulse sensor කලින්ට වඩා 50%ක් නිවරදිව ක්‍රියාකරනවාලු.

Mi band 5 එකත් එක්ක අලුත් sports mode කිහිපයක් අදුන්වලා දීලා තියෙනවා.

  1. Outdoor running
  2. Treadmill
  3. Cycling
  4. Walking
  5. Freestyle
  6. Pool swimming
  7. Elliptical (New)
  8. Rowing machine (New)
  9. Jump rope (New)
  10. Indoor cycling (New)
  11. Yoga (New)

ඒවගේම කලින් පොඩි ගැටලු තිබුන sleep tracking මේපාර improve කරලා තියෙනවා. දිගටම heart rate එක track කිරීම මගින් නින්දේදි ඇති වෙන ගැටළු අඳුරගෙන වඩාත් සුවපහසු නින්දකට උපදෙස් දෙනවා.

කාන්තාවන්ගෙ menstruation cycle tracking සහ breath training ,smartphone එකේ කැමරාව දුරස්ථව පාලනය කරන්න, Blood oxygen tracking, PAI (Personal Activity Intelligence) scoring system (මේකෙන් ඔයාගෙ heart rate එක, daily activities පදනම් කරගෙන 0-100 අතර Score එකක් දෙනවා) වගේ අලුත් features කිහිපයක්ම තියෙනවා.

මිල

Mi band 5 එකේ XiaoAi voice assistant සහ NFC පහසුකම් තියෙනවා.මේපාර මේවා එනවා කියලා කියනවා. Voice assistant විදිහට Amazon’s Alexa voice assistant එක support කරයිලු, NFC ආවොත් Google pay, Master card බලා ගන්න පුළුවන් වෙයි. හරියටම කියන්න නම් global release කරන කම් ඉන්න වෙනවා.

ජුලි මාසෙදි මේක "Mi Smart band 5" කියලා global release කරනවා ප්‍රකාශයට පත් උනත් හරියටම දවසක් තාම කියන්න බෑ.

මේකෙ price ගත්තොත් W NFC - CNY 229 ( $ 30) WO NFC -CNY 189 ($25)
වගේ මුදලකට තමයි අලෙවි කරන්නෙ. චීනයෙදි ජූනි 18 ඉදන් මිලදී ගන්න පුළුවන්. Global එද්දි $30-35 වගේ price එහෙකට එයි කියලා කියනවා. Green, Red, Yellow, Black වගේ පාට කිහිපයකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්.

Mi band 4 එකේ ඉදන් Mi band 5 එකට upgrade වෙන්න තරම් දෙයක් තියෙනවද? ඒක ඔයාලට බාරයි.