Loading...
Xiaomi හි නව mi band 7 සදහා Always on display සහාය, GPS, Smart Alarm ලබා දිය හැකි බවට තොරතු​රු වාර්තා වෙයි

Magical Unicorn විසින් මෙය හෙළි කර ඇති අතර, ඔහු මෙය සිදු කර ඇත්තේ Mi Band හි Firmware හා  Resources files පරික්ෂා කිරීමෙනි. මේ අනුව, ඉදිරියට එන Mi Band 7 තවත් පියවරක් ඉදිරියට ගෙන ගොස් ඊටත් වඩා විශාල display එක​ක්, Always On Display support, Built-in GPS, Smart Alarm ඇතුළු තවත් බොහෝ විශේෂාංගයන් ලබා දෙනු ඇත.

Mi Band 7 leak එකෙන් හෙළි වන්නේ Mi Band 7 "L66" කේත නාමයෙන් සහ M2129B1 සහ M2130B1 යන Model Numbers වලින් යන බවයි. එය 192 x 490 resolution එකක් සහිත තරමක් විශාල තිරය​ක්, Watch Faces කිහිපයක් සඳහා Always on display සහය සහ Aerobics සිට Zumba දක්වා ව්‍යායාම ක්‍රම රාශියකින් සමන්විත වන බව සඳහන් වේ.

Model Numbers
Display Resolution එක
Mi Band 7 සදහා වන AOD watch faces

තවද, මෙයින් Mi Band 7 සදහා Built-in GPS සහාය දැක්වෙන බව සඳහන් වේ. කෙසේ වෙතත්, මේ මොහොතේ අපට එය විශ්වාස කල නොහැක, මන්ද Mi Band 6 සඳහා leak වූ firmware එක ද  එය Built-in GPS සහය දක්වන බව යෝජනා කළ නමුත් අවසාන නිෂ්පාදනය එම විශේෂාංගය සමඟ නොපැමිණිමයි. මීට අමතරව, Mi Band 7 හි Smart Alarm විශේෂාංගයක් ඇතුළත් වන අතර, එය මිනිත්තු 30 කට පෙර සැහැල්ලු නින්දෙන් ඔබව ස්වයංක්‍රීයව අවදි කරයි. අවසාන වශයෙන්, Mi Band 7 බැටරි ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා නව power saving mode එකක් ද ඇතුළත් විය හැකි බව සඳහන් කෙරෙයි.

Sources: Logger, XDA