Loading...
Huawei Mate Xs එකේ පෙනුමට සමාන folding smartphone එකකට Xiaomi විසින් patent ලබා ගනී

Huawei Mate Xs එකේ පෙනුමට සමාන folding smartphone එකක් සඳහා Xiaomi ලා patent බලපත්‍රය ලබාගෙන් තියෙනවා. ඉතින් මේ patent බලපත්‍රය චීනයේ National Intellectual Property Administration (CNIPA) එකෙන් මේ වෙද්දි publish කරලා තියෙනවා. Xiaomi සමාගමෙන් මේ patent එකට file කරලා තියෙන්නෙ පසුගිය වසරේ අවසන් කාල සීමාව තුලයි.

Image credit: LetsGoDigital

ඉතින් උඩ තියෙන LetsGoDigital එකේ leaked image එකෙන් නම් පේන විදිහට, මේ device එක නැමෙන්නෙ ඒකෙ wraparound display එකත් එක්ක පිටතටයි. ඉතින් මේක දිග ඇරුණම tablet size එකට transform වෙනවා. ඒ වගේම folded state එකේදි standard size smartphone එකකට resemble වෙනවා. සුවිශේෂීම කාරණය තමා මේකෙ thickness එක අනිත් සාමාන්‍ය devices වලට වඩා වැඩිවීම. ඒ වගේම cameras වලට වෙනම panel එකක් මේ device එකේ තියෙනවා. ඒ panel එකම device එකේ side එකට ගිහින් power සහ volume buttons වලටත් accommodate කරනවා.

මේකේ camera setup එක හොඳට නිරීක්ෂණය කරොත් බලාගන්න පුලුවන් oval shape එකක් තියෙන button එකක්. ඒ මොකක්ද කියල හරියටම පැහැදිලි නැතත් LetsGoDigital ලට අනුව නම් device එක නමපු වෙලාවේ දී locking mechanism එකට release එකක් විදිහට ක්‍රියාත්මක වෙන button එකක් විදිහටයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ device එකේ පහළින් තියෙන standard microphone එකත් එක්ක device එකේ ඉහළින් sound- canceling microphone එකකුත් feature වෙනවා. පහළින් තියෙන අනිත් features විදිහට speaker එක සහ USB-C connection එකත් හඳුන්වන්න පුලුවන්.

කෙසේ වෙතත් ඊට එහාට මේ device එක ගැන වැඩි විස්තරයක් සඳහන් වෙලා නෑ. ඒත් ඉදිරියේදි අපේ සයිට් එක හරහා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. Xiaomi වෙලා මේ වෙනුවෙන් 2019 ඉඳන් ම වැඩ කරල තියෙනවා. ඉතින් මේ device එක market එකට නිකුත් වෙන එක ගොඩක් interesting දෙයක් වෙනව කියල නම් අපිට විශ්වාසයි.

Source: LetsGoDigital (Dutch)