Loading...
Xiaomi සමාගම විසින් Leica M lenses වලින් සමන්විත නව "camera concept" එකක් එලිදක්ව​යි

ඊයෙ එලිදැක්වු​නු ආපු Xiaomiලාගෙ smartphone/mirrorless camera hybrid Lens එක ගැන පොඩි විස්තර ටිකක් කතා කරන්​න හිතුනා.

දැනට තියෙන විස්තර වලට අනුව මේ Len එක මවුන්ට් කරන්ඩ හිතන් ඉන්නෙ Xiaomi 12s Ultra කියන Snapdragon 8+ Gen 1 chipset එකෙන් බලගන්වන පෝන් එකට. ​ඒ වගෙම ​මේ ෆෝ​න් එකට 1inche Camera Sensor එකක් වගේම 10bit RAW Photo capture කර ගැනී​මේ හැකියාවකුත් තියෙනවා කියලා තමා දැනට පවතින විස්තර වලට අනුව සඳහන් වන්නෙ. ​ඒ වගේම Lica M Mount එකක් එන මෙ ෆෝන් එ​කේ තියෙන ​මේ Detachable පහසුකම නිසා ඕන වෙලාවට හ​යි කරගෙන වැඩක් නැති වෙලාවට නැවත ගලව​ලා දාලා සාමා​න්‍ය එකක් විදිහට මේක පාවිච්චි කරන්න​ත් පුළුවන්.

ෆෝ​න් එකෙ කැමරා පැත්ත තව ටිකක් කතා කරොත් බැලු බැල්මට අපිට මේ​කේ කැමරා තුනක් බලාගන්න පුළුවන්. ​ඒ Middle Camera එක Sony IMX989 1-inch Sensor එකක් හා 48MP ultra-wide lens එකක් 48MP periscope-cum-telephoto lens එකක් බලාගන්​න පුළුවන්.

අනික මෙන්න ​මේ 1inch Sensor ගැන විශේෂයෙන්​ම කියන්​න අවශ්‍ය​යි. 1inch Sensor ආපු පළවෙනි ෆෝ​න් එකනම් මේක නොවුන​ත් මෙන්න මේ සෙන්සර් එක ප්‍රමාණයෙන් විශාල වෙන්​න විශාල වෙන්​න තමා ප්‍රධාන වශයෙන්ම වැඩි ආලෝකයක් වැඩි ඩීටේල්ස් ප්‍රමාණයක් කැප්චර් කරගෙන යූසර්ට වැඩි ගුණාතම​ක භාවයකින් යුතු ෆො​ටෝ එකක් කැප්චර් කර ගැනීමට ඉඩ සලසන්නෙ.

Lens එකෙ ප්‍රධාන Specs

Aperture level

Aperture level එක f/1.4 - f/16 Photography කරන අය දන්නවා ඇති​නේ මේක අඩුවෙන්ඩ අඩුවෙන්ඩ තමා වටෙ Blur වෙන එක වැඩිවෙන්නෙ කියලා. ඔයාලා බොකාහ් (Bokeh) එක කියලා කියන්නෙ මේකට තමා.

Focus Level Infinity

Astro photography කරන අය දන්නවනෙ මෙලො මළදානයක් පේන්නෙ නැති කට්ට කළුවරෙදි Auto focus වලින් අපිට ෆොටෝ​ස් ගහන්​න බැහැ කියලා. ​ඒ වෙලාවට Manual focus වලට මාරු වෙලා Focus level එක Infinity දාගෙන හොඳ තත්ව​යේ Sharpness එකකින් ෆොටෝ​ස් ගන්නෙ කොහොමද කියලා Astro කරන කට්ටිය දන්නවා ඇතිනෙ.

Focal length

දැනට සඳහන් වන තොරතුරු වලට අනුවනම් මේකෙ focal length එක 35mm කියලා තමා කියන්නෙ. ​ඒ අනුව අපිට නිගමනේකට එන්​න පුළුවන් දේ තමා, අපිට ​මේ Lens එක ලොකුවට දැක්කට telephoto lens එකක ක්‍රියාකාරිත්වය නම් මෙ Lens එකෙන් බලාපොරොත්තු වෙන්​න බැහැ කියන එක. මට අනුව නම් ඒක පොඩි disappointment එකක්. හැබැ​යි Mobile photography කරන Mobile photographersලාට මේ ලෙන්ස් එකෙන් Professional මට්ටමෙ වැඩක් ගන්ඩ පුළුවන් වෙ​යි.

පහළ තියෙන පොටෝස් කිහිපය හා Xiaomiලා විසින් නිකුත් කරලා තිබුන විඩි​යෝ එකට අනුව ම​ගේ analyse එක තමා මෙ කිව්වෙ. මේක එලියට ආවයි​න් පස්සෙ අපි බලමු හරියටම මේ​කේ වැඩ කිඩ කොහොමද කියලා.