Loading...
3rd Gen Under Display Camera තාක්ෂණය භාවිතා කරමින් 2021දී දුරකථන මහාපරිමාණ නිෂ්පාදනයට Xiaomi සමාගම සැරසේ

Android OEMs සියලු දේනාම වගේ ගොඩක් අවධානය යොමු කරපු දෙයක් විදිහට Under Display Camera එකක් නිපදවිම කියන්න පුළුවන්. ඒ වගේම පසුගිය කාලයේදි අපිට Under Display Camera සහිත Prototypes Samsung, OPPO වගේම Xiaomi සමාගම්වලින් දැක ගැනිමට හැකි වුණා.

ඒ වගේම පසුගිය දිනක චීන සමාගමක් වෙන ZTE සමාගම නිල වශයෙන් ඔවුන්ගේ Under Display Camera Phone එක ගැන නිවේදනය කරා. ඒ ZTE Axon 20 5G Device එක.

ZTE සමාගම ඔවුන්ගේ Under Display Camera Phone එක ගැන නිවේදනය කරල දවස් කිහිපයක් ඇතුලත  Xiaomi සමාගම විසින් ඔවුන්ගේ 3rd Gen Under Display Camera තාක්ෂණය පිළිබදව Video එකක නිකුත් කරන්න කටයුතු කරා. ඒ වගේම මේ වන විට ඔවුන් තහවුරැ කරල තියෙනවා මිලග වසර සදහා 3rd Gen Under Display Camera විශාල පරිමාණයෙන් නිපදවිමට ඔවුන් බලාපොරොත්තු වෙන බවත්.

Xiaomi සමාගමේ Blog අඩවිය මගින් මේ 3rd Gen Under Display Camera Setup එක පිළිබඳව වැඩි විස්තර දක්වා තිබෙනවා.

“greatly improved the full-screen effect through self-developed pixel arrangement, and through the optimization of the camera algorithm, allowing it to show the same performance as conventional cameras.”

Xiaomi සමාගමේ මේ නවතම 3rd Gen Under Display Camera Setup එක සදහා නව Pixel සැකැස්මක් භාවිත වෙනවා. ඒ අනුව සැම Signal Pixel එකක අතරම Sub Pixels අන්තර්ගත කරන්න කටයුතු කරල තියෙනවා. මේ RGB Sub Pixel Layout එක නිසා Pixel Density එක Sacrificing විම වලකින බවයි ඔවුන් දක්වන්නේ.

වෙනත් Under Display Camera Setup සමග සසදන විට Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Under Display Camera Setup එක සදහා යොදා ගෙන ඇති Horizontal & Vertical Pixels සංඛ්‍යාව දෙගුණ කිරිමට සමත් වි තිබෙනවා. මේ මගින් Display එකේ Cameraව සහිත Pixel Density එකම ලබා ගැනිමට මේ Under Camera Setup එකට හැකි වි තිබෙනවා. ඒ නිසා මේ Under Display Cameraවට හා Display එක අතර පැහැදිලි වෙනසක් දැක ගැනිමට නොහැකි වන අතර මුලු Display එක පුරම සමාන Brightness Level එකක්, සමාන Color Gamut එකක් වගේම, සමාන Color Accuracy එකක් දැක ගැනිමට හැකි වෙන බව ඔවුන් දක්වලා තිබෙනවා. ඔවුන්ගේ මේ 3rd Gen Under Display Camera Setup එක නිසා සාමාන්‍ය Front Camera Setup එකකම මෙන් ගුණාත්මක බාවයෙන් යුතු ජායාරූපයක් ගැනිමට හැකි වන බව තව දුරටත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම Xiaomi සමාගමට අනුව මේ 3rd Gen Camera Solution එක 2021 වන විට මහා පරිමාණ නිෂ්පාදනයට  සුදානම් වන බවයි දැක්වෙන්නේ. ඒ අනුව අනාගත Xiaomi Devicesවල දි මේ 3rd Gen Under Display Camera Feature එක අපිට අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

Source: XDA Developers , Xiaomi