Loading...
දුරකථනය තුලම Earbuds දෙකක් අඩංගු කර එවීම සදහා Xiaomi විසින් පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් කරයි

Xiaomi company එක කියන්නෙ අලුත් technology එක්ක experiments කරන්න බය නැති company එකක් නේ. අපි කලින් දැකලා තියෙනවා නේ මේගොල්ලන්ගේ Mi smart curtains සහ  foldable fans එහෙමත්. දැන්, recent reports වලට අනුව company එක smartphone එකක් ගේන්න යනවලු earbuds phone එක ඇතුලේ store කරලා තියාගන්න පුළුවන්.

Dutch media house, LetsGoDigital report එකට අනුව Xiaomi එකෙන් patents දෙකක් file කරලා තියෙනවා China සහ Netherlands වල. මේ patents දෙකෙන් hint වෙනවා earbuds store කරගන්න dedicated slots දෙකක් එන smartphone එකක් ගැන.

මේක කොහොම වැඩකරයිද ?

Patents වලට අනුව මේකට pipe shape slots තියෙන්නෙ තව patents වල තියෙන විදියට මේ earbuds එන්නෙ movable “head” එකක් එක්ක.

මේ design එක කොයි වගේ වෙයිද කියලා pictures  මුකුත් නෑ. කොහොම නමුත් LetsGoDigital එකෙන් GIF render එකක් එකක් කරලා තියෙනවා patents base කරගෙන. ඒ අනුව මේ Smart Phone තුල Earbuds ගබඩා කර තබා ගන්න පුලුවන්. ඒ තුල තියෙද්දි Charge විමක්ද සිදු වෙනවා. මේ පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් කිරිමට අනුව Earbuds දුරකථනයේ ඉහල කොටසේ අන්තර්ගත කරන්න ඔවුන් කටයුතු කරයි කියල කියන්න පුලුවන්.

මේ නිසා අපිට ඝණකමින් අඩු Earbuds දෙකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේ මේ Earbuds දෙක නිසා අනවාර්යයෙන්ම දුරකථනය ඝණකමේද යම් කිසි වැඩිවිමක් වෙයි කියල හිතන්න පුලුවන්. තව patent එකට අනුව මේ earbuds device එකේ  primary speakers වලින් එකක් විදියට වැඩකරන්නත් design කරලා තියෙනවලු.

Source - LetsGoDigital