Loading...
All-Screen Under Display Fingerprint සඳහා patent බලපත්‍ර ලබා ගැනීම සඳහා Xiaomi සමාගම සමත් වේ

වර්තමානයේ ඉතාමත් සීග්‍රයෙන් පැතිරී යන තාක්ෂණික උන්මාදය තරමක් උණුසුම් කරමින් පසුගිය දිනකදී ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන Xiaomi සමාගම විසින් All-Screen Under Display Fingerprint තාක්ෂණය සදහා පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇත. මේ ඒ පිළිබදව දිගහැරීමයි.

2018 වර්ෂයේ පමණ සිට Android ජංගම දුරකථන සදහා Under Display Fingerprint සදහා යම් තරමක උනන්දුවක් පැවතුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව Android ජංගම දුරකථන රාශියක් වෙළදපොළට නිකුත් විය.

පසුගිය දිනක චීන ජාතික පේටන්ට් දත්ත ගබඩාව (China National Patent Database) විසින් එළිදක්වා ඇති පරිදි Xiaomi සමාගම All-Screen Under Display Fingerprint තාක්ෂණය සදහා සාර්ථක ලෙස පේටන්ට් බලපත්‍රය ලබාගත් බව Gizmochina.com වෙබ් අඩවිය නිවේදනය කර ඇත.

මින් කුමක් සිදුවේ ද?

වර්තමානයේ පවතින වෙනත් Under Display Fingerprint තාක්ෂණය සහිත ජංගම දුරකතන වල Screen Unlock කිරීම සදහා Screen එකෙහි යම් නිශ්චිත ස්ථානයකට පරිශීලකයාගේ ඇඟිලි සලකුණ තැබිය යුතු වන නමුත් මෙම නව තාක්ෂණය හරහා Screen එකෙහි ඕනෑම ස්ථානයක ඇඟිලි සලකුණ තැබීම මගින් Screen Unlock කිරීම සිදුකල හැකිය.

බොහෝ දුරට පරිශීලකයන් සදහා Under Display Fingerprint භාවිතා කිරීමේදී නිවැරදි ස්ථානයට ඇඟිලි සලකුණ තැබීමට අපොහොසත් වීම නිසා සිදුවන අපහසුතා බොහෝමයක් මෙම නව තාක්ෂණය මගින් මගහැරගත හැක.

මෙම ක්‍රියාවලිය කෙසේ සිදුවේවි ද?

All-Screen Under Display Fingerprint Scanner සදහා Xiaomi සමාගම ලබාගත් Patent බලපත්‍රය
All-Screen Under Display Fingerprint Scanner සදහා Xiaomi සමාගම ලබාගත් Patent බලපත්‍රය

මෙම පේටන්ට් බලපත්‍රයට අනුව මේ සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ අධෝරක්ත LED ආලෝක සම්ප්‍රේෂක සහ ග්‍රාහක (Infrared LED Light Transmitters and Receivers) වේ. තවද මෙම සම්ප්‍රේෂක හා ග්‍රාහක පිහිටන්නේ AMOLED Display එක සහ Touch Screen Layer එක අතරය.

මෙහි සිදුවන ක්‍රියාවලිය පිළිබදව සැලකීමේදී, පරිශීලකයා විසින් Display එක මත ඇඟිල්ල තැබූ පසු Touch Screen Layer එක හරහා අධෝරක්ත LED ආලෝක සම්ප්‍රේෂක මගින් ඇඟිලි සලකුණ ග්‍රහණය කරගන්නා අතර ඉන් පසු දත්ත සමග සැසදීමෙන් පසුව Screen Unlock වීම සිදුවේ.

මෙම ක්‍රියාවලිය සිදුවන විට ඇඟිල්ල ස්පර්ශ වන ස්ථානයට බාහිරින් පවතින Infrared LED Transmitters ක්‍රියාත්මක වීම සිදු නොවේ. මෙමගින් දුරකථනයේ Battery usage එක මෙන්ම පරිශීලකයාගේ ඇස් වලට සිදුවන බලපෑම අවම කරයි.

Xiaomi හට මේ සදහා තරඟකරුවන් සිටියේම නැති ද?

Xiaomi සමාගමට පෙර All-Screen Under Display Fingerprint තාක්ෂණය සදහා 2020 වසරේ Huawei සමාගම විසින් පේටන්ට් අයදුම්පතක් ඉදිරිපත් කර ඇතත් ඔවුන් මේ වන තෙක් ඒ සදහා භාවිතා කරනු ලබන තාක්ෂණයක් එළිදක්වා නොමැත.

මෙම වසරේ Xiaomi සමාගමේ ඉදිරි පියවරත් සමග ඔවුන්ගේ අනාගත ජංගම දුරකථන සදහා මෙම තාක්ෂණය බොහෝ විට උපයෝගී කරගනු ඇතැයි බොහෝ විචාරකයන්ගේ මතයයි.

Sources: Gizmochina, India ​Today, News18