Loading...
Xiaomi නිල වශයෙන් ශ්‍රී ලංකාවට

මෙය පෙර පැවති වෙබ් අඩවියේ ඇති ලිපි නව වෙබ් අඩවියට ඇතුලත් කිරීමක් බව සලකන්න. මෙහි ඇති කරුණු යල් පැන ඇත.

ලෝකයේ නැගී එන දුරකථන නිශ්පාදනය මූලික කරගත් සමාගමක් වන Xiaomi සමාගම ගැන ඔයගොල්ලත් දන්නවා ඇති. ලංකාවේ අපිට කලින් Xiaomi ෆෝන්ස් ගන්න පුළුවන් උනේ Serendib, Boswin වැනි නියෝජිත ආයතන හරහා තමයි. හැබැයි ඒ ආයතනත් වැඩ කලේ Xiaomiලගේ නියෝජිත ආයතන හැටියට තමා. ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ඒ ෆෝන් ගත්තු අයට ඇති උනා.

ඉතින් මේබව දැකපු Xiaomi ආයතනය, Xiaomi Fansලගෙත් ඉල්ලීම් සලකා බලලා ලංකාවට officially ඇවිල්ලා මෙහෙ ඒ අයගේ බිස්නස් පටන් අරගත්තා. ඒ සඳහා ඒ අය නොවැම්බර් 29 දවසේ නිල වශයෙන් ඒ අයගේ වැඩකටයුතු පටන් අරන් තිබ්බා. ඉතින් මේ අතර තිබ්බ Exclusive Xiaomi Fans Meetup එකට යන්නට මටත් අවස්තාවක් ලැබුනා. (Xiaomi Fans ඇඩ්මින් මඩුල්ලට ඒ පිලිබඳ ස්තූතිය) මෙහිදී Xiaomi ආයතනයේ Global Vice President – Mr. Manu Kumar මහතා, Xiaomi Sri Lankan Operations Head & GM – Mr. Vidya Sagar මහතා, Xiaomi’s Head of International Expansions – Mr. Sanket Agarwal මහතාද ඒ අයගේ ඉදිරිපත් කිරීම් වලින් පසුව, පැමින සිටි අය හා Q&A Session එකකට සහභාගී උනා. ඒ Q&A එකේදි කතා උන දේවලුත් අපි ඉස්සරහට ඕගොල්ලන්ට කියන්නම්.

ඉතින් මේ ඉවෙන්ට් එකේදි ඒ අය ලංකාවේ නිල වශයෙන් ෆෝන්ස් 7ක් ලෝන්ච් කලා. ඒ ෆෝන් ගැන විස්තර හා ඒ ෆෝන් වල මිල ගනන් පහත පරිදි තමා.

  1. Pocophone F1 (6gb/64gb) – Rs: 59,999/-
  2. Mi A2 (4gb/64gb) – Rs: 45,999/-
  3. Mi A2 Lite (3gb/32gb) – Rs: 30,999/-
  4. Mi A2 Lite (4gb/64gb) – Rs: 35,999/-
  5. Redmi Note 6 Pro (3gb/32gb) – Rs: 35,999/-
  6. Redmi Note 6 Pro (4gb/64gb) – Rs: 39,999/-
  7. Redmi S2 (3gb/32gb) – Rs: 28,999/-
  8. Redmi S2 (4gb/64gb) – Rs: 34,999/-
  9. Redmi 6 (3gb/32gb) – Rs: 24,999/-
  10. Redmi 6A (2gb/16gb) – Rs: 17,999/-

හැබැයි මෙතනදි ලංකාවේ ගොඩක් Xiaomi Fansලා කියපු කතාවක් තමා මේවලින් සමහර ෆෝන්ස් වල ගනන් නම් පොඩ්ඩක් වැඩියි වගේ කියන එක. නමුත් නියම ෆෝන්, නියම කම්පැනි වොරන්ටි එක්ක එම මිලට වටින බවයි අපේ විස්වාසය. මොකද ඒ ඒ කැටගරි වලින් ලංකාවේ තියෙන වෙනත් බ්‍රෑන්ඩ් වලට හොඳ තරඟයක් දෙන්න පුළුවන් විදියට ඒ අය එම ෆෝන්වල මිල ගනන් නියම කරලා තියෙන නිසා. ඉතින් මේ Exclusive Fans Meetup එකේ Q&A session එකේදි කතා උන තවත් දේවල් කීපයක් මම පහලින් කියන්නම්.

Q: Xiaomi Phones ලංකාවේ කොහෙන්ද අපිට ගන්න පුලුවන්?

A: 2018 දෙසැම්බර් 3 ඉඳන් ලංකාව පුරා ෆෝන් ශොප් 250කට අධික ප්‍රමානයකින් ඕගොල්ලන්ට ඉහත ෆෝන් 7 ගන්න පුළුවන්. ඒ වගේම නිල වශයෙන් වොරන්ටි ලබාදෙන්නත් Xiaomi ආයතනය සූදානම්.

Q: Xiaomi ෆෝන් Online ගන්න බැරිද?

A: තාම Xiaomi ආයතනය ඒ අයගේ නිල වෙබ් අඩවිය (www.mi.com/lk) හරහා ෆෝන් ගන්න පහසුකම් සලසා නෑ. හැබැයි ඉස්සරහට ඒ පහසුකමත් ලබා දෙන්න ඒ අය සූදානම්.

Q: Gennext කියන්නේ කවුද?

A: ඒ අය තමා ලංකාව පුරා Xiaomi ෆෝන් බෙදා හරින්නේ.

Q: අපි ගන්න ෆෝන් වල මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් වොරන්ටි ගන්න පුළුවන් කොහෙන්ද?

A: Xiaomi ආයතනය තාම ලංකාවට ආපු අලුත. ඒ නිසා ඒ අය තාම Service Centers පටන් අරන් නෑ. කොහොම උනත් ඒ අය ඉතා ඉක්මනින්, ඒ අයගේ Service Centers ලංකාව පුරා පටන් ගැනීමට සූදානම්. ඒ අනුව ලංකාවේ දිස්තික්කයකට එක බැගින් Service Centers ආරම්භ කිරීමටයි ඒ අයගේ සූදානම. මීට අමතරව බස්නාහිර පලාතේ තව Service Centers ටිකකුත් ඒ අය ආරම්භ කරයි. ඉතින් එතකන්, ඔයාට වොරන්ටි ක්ලේම් කරන්න ඕනේ නම් ඔයා ෆෝන් එක ගත්තු තැනට ෆෝන් එක දුන්නම ඒ අය Xiaomi සමාගමට ෆෝන් එක යවලා හදලා ගෙන්නලා දෙයි.

Q: ලංකාවේ විකුනන Xiaomi ෆෝන් හදන්නේ කොහෙද?

A: දැනට නම් ඒ අය ලංකාවේ විකුනන්නේ චීනයේ හදන International Models පමනයි. (Made in China – International Versions). මීට අමතරව SMS එකක් මගින් ඕගොල්ලෝ ගන්න Xiaomi Product එක (phones, power banks, headsets & all other accessories) ඔරිජිනල්ද නැද්ද කියන එක තහවුරු කරන්නත් Xiaomi Sri Lanka සමාගම ලෑස්තියි.

Q: Xiaomi ලංකාවේ නිල වශයෙන් විකුනන්නේ ෆෝන් විතරද?

A: දැනට නම් ඒ අය නිල වශයෙන් විකුනන්නේ ෆෝන් විතරයි. ඒත් 2019 මුල භාගයේ ඉඳන් ෆෝන් වලට අමතරව power banks, headsets, mi bands වගේ Accessories රාශියක් විකුනන්නත් ඒ අය සැලසුම් කරන් ඉන්නවා.

Q: මම දැනට පාවිච්චි කරන්නේ Xiaomi ෆෝන් එකක්. මේක කැඩුනොත් මට ඒ අයට කියලා මේක හදාගන්න පුළුවන් ද?

A: දැන් ලංකාවේ නිල වශයෙන් Xiaomi Phones තියෙනවා. හැබැයි තවම ලංකාවේ නොනිල වශයෙන් කලින් ගෙන්නපු ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවා. ඒ නිසා Xiaomi ආයතනය ටික කාලයක් යනකන් ඒ දැනට ෆෝන් පාවිච්චි කරන අයට මුදලක් ගෙවලා ඒ සර්විස් ටික කරගන්න පහසුකම් ලබා දෙන්න Xiaomi ආයතනය සූදානම්. හැබැයි මේක හැමදාම කරන්න ඒ අය බලාපොරොත්තු වෙන්නේ නෑ. ටික කාලෙකට විතරයි.

Q: ලංකාවේ Xiaomi Fansලා වෙනුවෙන් මොනවද ආයතනය කරන්නේ?

A: ලංකාවේ Xiaomi Fansලා වෙනුවෙන් වෙනම forum එකක් ආරම්භ කරලා පවත්වාගෙන යන්න ඒ අය කටයුතු කරගෙන යනවා මේ දවස් වල.

Q: Fansලට discounts, loyalty schemes වගේ benefits නැද්ද?

A: මම කලිනුත් කිව්වා වගේ Xiaomi ආයතනය ලංකාවේ තාම පටන් ගත්තා විතරයි. ලංකාවේ fan base එක වර්ධනය උනාම ඒ ආකාරයේ schemes පටන් ගන්නත් Xiaomi ආයතනය ලෑස්ති වෙලා ඉන්නවා.

ඉතින් Xiaomi සමාගමේ මේ අලුත් වැඩේට අපි සුභ ප්‍රාර්ථනා කරනවා වගේම මේ ගැන අලුත් විස්තර ලැබිච්ච ගමන් ඕගොල්ලන්ව දැනුවත් කිරීමටත් අපි ලෑස්තියි.