Loading...
Apple Vision Pro සඳහා YouTube සහ Spotify apps නිකුත් නොවනු ඇති බව වාර්තා ​වේ

විශ්මය ජනක තාක්‍ෂණ ලෝකයේ, Apple සමාගම විසි​න් එහි නවතම නිර්මාණය වන Apple Vision Pro, mixed reality headset එ​ක 2024 පෙබරවාරි 2 වන දින එළිදැක්වීමට සූදානම්වනවා. කෙසේ වෙතත් පරිශීලකයින් බලාපොරොත්තු වූ පහසුකම් කිහිපයක් එහි නොමැති බව වාර්තා වනවා.

මෑත කාලීන වාර්තාවක් හෙළි කරන්නේ ජනප්‍රිය platform දෙකක් වන YouTube සහ Spotify, දියත් කිරීමේදී Apple Vision Pro සඳහා ස්වාධීන යෙදවුම් (Standalone App) ලෙස ල​බා නොදෙන බවයි.

Netflix දැනටමත් Apple Vision Pro සඳහා Standalone App එකක් ලෙස නිකුත් නොකිරීමට තීරණය කර ඇති අතර දැන්, YouTube සහ Spotify ද එය අතර වෙනවා. වාර්තාවලට අනුව වාර්තාව​න් පවසන්නේ සමාගම් දෙකටම mixed reality headset සඳහා Standalone App නිර්මාණය කිරීමට ඉක්මන් සැලසුමක් නොමැති බවයි.

Vision Pro නිකුත් කරන විට YouTube හා Spotify යන apps Standalone Apps ලෙස නොමැති නිසා ඒ වෙනුවට, පරිශීලකයින්ට mixed reality headset එකේ ඇති Safari බ්‍රවුසරය හරහා මෙම සේවාවන් වෙත ප්‍රවේශ වීමට සිදුවනවා. මෙහිදී Standalone App එකක් භාවිතා කරනවාට සාපේක්ෂව යම් සීමාවන් තියෙන්න පුළුවන්. YouTube සහ Spotify Standalone Apps ලෙස Vision Pro සතු​ව නොතිබීම පරිශීලකයින්​ගේ බලාපොරොත්තු සුන්වීමක් වෙන්න පුළුවන්.

Apple Vision Pro 2024 පෙබරවාරි 2 වන දින එක්සත් ජනපදයේ දී නිකු​ත් කිරීමට නියමිතය. එහි Amazon Prime Video, Disney+, ESPN සහ Apple TV+ වැනි විවිධ apps සඳහා සහය දේ. Youtube සහ Spotify මෙහිදී ඇතුලත් නොවුන​ත්, අනාගතයේදී apple mixed reality මේ අතරට එම යෙදවුම් දෙකද එක්වනු ඇතැයි මත පල කෙරේ.

Source: www.bloomberg.com www.theverge.com